අපිට කරන්න දෙයක් නෑ : මැයි දින රැස්වීම්වලට පාරවල් වහනවට විරුද්ධ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

දේශපාලන පක්ෂවලින් මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ග වසාදැමීම සම්බන්ධයෙන් මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඊට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් පළාත් පාලන ආයතන හරහා ඊට අවසර දී ඇති බවයි. එවැනි තත්ත්වයකදී පොලිසියට කළ හැකි දෙයක් නැති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී ද ඇත්තේ මීට සමාන තත්ත්වයක් බවත් ඔහු පැවසීය. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා නියමිත පරිදි අවසර ලබාගෙන ඇත්නම්, අවසර පත්‍ර කොන්දේසි උල්ලංඝනය කළහොත් පමණක් පොලිසියට පියවර ගත හැකිය. එසේ නැතහොත් ඊට එරෙහිව පුරවැසියන්ට මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය.

අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ එසේ නඩු පැවරිය යුත්තේ අදාළ අනුමැතිය ලබාදුන් පළාත් පාලන ආයතනයට එරෙහිව බවයි. මරදාන ඩීන්ස් පාර සහ මාලිගාවත්ත අවට මාර්ග ඊයේ (29) වනවිටත් මැයි දින රැස්වීම් සඳහා වසා දමා තිබිණි. අද (30) දිනයේ ද කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් මේ සඳහා වසා දමා තිබිණි.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...