අපිට කරන්න දෙයක් නෑ : මැයි දින රැස්වීම්වලට පාරවල් වහනවට විරුද්ධ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

දේශපාලන පක්ෂවලින් මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ග වසාදැමීම සම්බන්ධයෙන් මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඊට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් පළාත් පාලන ආයතන හරහා ඊට අවසර දී ඇති බවයි. එවැනි තත්ත්වයකදී පොලිසියට කළ හැකි දෙයක් නැති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී ද ඇත්තේ මීට සමාන තත්ත්වයක් බවත් ඔහු පැවසීය. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා නියමිත පරිදි අවසර ලබාගෙන ඇත්නම්, අවසර පත්‍ර කොන්දේසි උල්ලංඝනය කළහොත් පමණක් පොලිසියට පියවර ගත හැකිය. එසේ නැතහොත් ඊට එරෙහිව පුරවැසියන්ට මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය.

අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ එසේ නඩු පැවරිය යුත්තේ අදාළ අනුමැතිය ලබාදුන් පළාත් පාලන ආයතනයට එරෙහිව බවයි. මරදාන ඩීන්ස් පාර සහ මාලිගාවත්ත අවට මාර්ග ඊයේ (29) වනවිටත් මැයි දින රැස්වීම් සඳහා වසා දමා තිබිණි. අද (30) දිනයේ ද කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් මේ සඳහා වසා දමා තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...