නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කිරීම : සුරාබදු නිලධාරීන්ට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ගනී !

Share post:

කුරුණෑගල කහපත්වෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රියදුරකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පිරිසකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) තීන්දු කළේය.

සුරාබදු නිලධාරීන් වන ඩබ්ලිව් ඒ.ආර්.රත්නසේකර, බී.ජී.ජී. අනිල් කුමාර නඩුවේ පළමු සහ දෙවැනි වගන්තරකරුවන්ට එරෙහිව කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමෙන් මිදීමේ අයිතිවාසිකම කඩ කිරීම සම්බන්ධයෙනුත්, කුරුණෑගල සහකාර සුරාබදු කොමසරිස්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නීතිපති යන හතර පහ සහ හය වැනි වගඋත්තරකරුවන්ට අත්තනෝමතික ලෙස සිරබාරයට ගැනීමෙන් මිදීමේ අයිතිවාසිම කඩ කිරීම සම්බන්ධයෙනුත් මෙම නඩුව පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම තීන්දුව ලබා දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් පිට නීතිඥ මාධව ඊරියගම සහ නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ චාරක ධර්මසිරි අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූහ.

මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකාර සුරාබදු නිලධාරියා මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එසේම වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ගැන ඉදිරි නඩු දිනයේ දී දැනුම් දෙන බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...