නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කිරීම : සුරාබදු නිලධාරීන්ට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ගනී !

Share post:

කුරුණෑගල කහපත්වෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රියදුරකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පිරිසකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) තීන්දු කළේය.

සුරාබදු නිලධාරීන් වන ඩබ්ලිව් ඒ.ආර්.රත්නසේකර, බී.ජී.ජී. අනිල් කුමාර නඩුවේ පළමු සහ දෙවැනි වගන්තරකරුවන්ට එරෙහිව කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමෙන් මිදීමේ අයිතිවාසිකම කඩ කිරීම සම්බන්ධයෙනුත්, කුරුණෑගල සහකාර සුරාබදු කොමසරිස්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නීතිපති යන හතර පහ සහ හය වැනි වගඋත්තරකරුවන්ට අත්තනෝමතික ලෙස සිරබාරයට ගැනීමෙන් මිදීමේ අයිතිවාසිම කඩ කිරීම සම්බන්ධයෙනුත් මෙම නඩුව පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම තීන්දුව ලබා දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් පිට නීතිඥ මාධව ඊරියගම සහ නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ චාරක ධර්මසිරි අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූහ.

මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකාර සුරාබදු නිලධාරියා මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එසේම වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ගැන ඉදිරි නඩු දිනයේ දී දැනුම් දෙන බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...