IPL තරගාවලිය අවසන්වූ පසු ලෝක කුසලානය

Share post:

IPL තරගාවලිය ඉවර වුනාම ලෝක කුසලානය පටන් ගන්නවා.
මන් හිතන්නේ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා නායකයාට, කළමනාකාරීත්වයට සහ තේරීම් කමිටුවට අලුත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට යොදා ගන්නා වේග පන්දු යවන්නන් පිළිබඳව.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට නුවන් තුෂාර සහ මතීෂ පතිරණ දෙදෙනාගෙන් අයෙක් තෝරා ගැනීමට සිදු වෙනවා.
එය බොහෝ අභියෝගාත්මක තෝරාගැනීමක් වේවි.
මතීෂ පතිරණ මෙවර IPL තරගාවලියේ ඉතා හොඳින් පන්දු යවනවා.
තනිකර පිතිකරුවන්ගේ පාරාදීස වූ තනතීරු වල පවා ඔහු කඩුලු ලබා ගන්නවා.
ඒ සඳහා එකම හේතුව ඔහුගේ වේගය.
තනතීරු වල සහයක් නොලැබුනත් පැයට කිලෝමීටර 150 ඉක්මවන වේගය සහ ඉරියව්ව හේතුවෙන් ඔහු සාර්ථක වී තිබෙනවා.
එනමුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ආසන්නතම කාලයේ ක්‍රීඩා කළ තරග වල ඔහු අසාර්ථකයි.
කඩුලු ලබා ගැනීමට අසමත් වූවා මෙන්ම ඔහුගෙන් සෑහෙන අතිරේක ලකුණු ප්‍රමාණයක් ද ගිලිහුණා.
අනෙක් අතින් නුවන් තුෂාර ද IPL ක්‍රීඩා කරනවා.
දැනට ඔහු ක්‍රීඩා කළේ එක තරගයයි. එක තරගයකින් ක්‍රීඩකයෙකු මැනීම සාධාරණ නැහැ.
එනමුත් පිතිකරුවන්ට රජදහනක් වූ මේ තත්ත්ව තුල දැනෙනා යමක් කිරීමට නුවන් තුෂාර අසාර්ථක බව පෙනෙනවා.
ඔහුට පිතිකරුවෙකු මෙල්ල කළ හැකි වේගයක් නැහැ.
ජාත්‍යන්තර තරග වල ඔහු සාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ තනතීරුවෙන් ලබා දෙන ඉපිලීම සහ දෝලනය. IPL තනතීරු වලින් එම සහය නැහැ.
එවිට නුවන් තුෂාර සාමාන්‍ය පන්දු යවන්නෙකු සේ පෙනෙනවා.
ඔහුට පහර දීම පහසුයි.
එනමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසන්නතම තරග වලදී ඔහු ඉතා හොඳින් පන්දු යැව්වා.
කඩුලු ත්‍රිත්වයක් පවා ලබා ගත්තා.
ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එකම ඛාණ්ඩයකට ඇතුලත්ව තිබෙනවා.
නුවන් තුෂාර බංග්ලාදේශයට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.
ඔහුගේ කඩුලු ත්‍රිත්වය වාර්තා වූයේත් බංග්ලාදේශයට එරෙහිවමයි.
තේරීම් කමිටුව, නායකයා සහ කළමණාකාරීත්වය මුහුණ දෙන දැඩි අභියෝගය මෙයයි.
ආරම්භක තරග වල දී නුවන් තුෂාර සහ මතීෂ පතිරණ දෙදෙනාගෙන් අයෙකු තෝරා ගැනීමට සිදු වෙද්දී ඔවුන් තෝරාගත යුත්තේ කවුද යන්න ඔවුන්ට ලොකු ගැටලුවක් වේවි.
ජාතික කණ්ඩායමේ දී අසාර්ථක වූ, IPL තරගාවලියේ ඉතා හොඳින් පන්දු යවනා මතීෂ ද ?
එසේත් නොමැති නම් ජාතික කණ්ඩායමේ දී ඉතා හොඳින් පන්දු යවා, IPL තරගාවලියේ දී ප්‍රබල අභියෝගයක් එල්ල නොකළ (දැනට) නුවන් තුෂාර ද ?
එය ඉතාම අපහසු තෝරාගැනීමක් වන බව නම් සැකයක් නැහැ.
මේ තීරණය ඔබ සතු නම් ඔබ තෝරා ගන්නේ කවුද ?

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...