වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලූ 21 හැවිරිදි Mykolas Alekna

Share post:

ලිතුවේනියාවේ Mykolas Alekna විසින් කවපෙත්ත විසි කිරීමේ වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලීමට පසුගියදා සමත් වුණා.
ඒ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ Ramona හි පැවති Oklahoma Throws Series තරගාවලියේදීයි.

අලුත් ලෝක වාර්තාව සටහන් වුණේ මීටර් 74.35 ක් ලෙසයි.

21 හැවිරිදි Mykolas මේ බිඳ හැලුවේ 1986 දී ජර්මනියේ Jurgen Schult විසින් තබා තිබූ මීටර් 74.08 ක වාර්තාවයි.
මෙතෙක් බිඳ නොහෙලූ පැරණිම පිටිය ඉසව් පිරිමි ලෝක වාර්තාව ලෙසයි මෙය සැළකුණේ.

2021 දී European U20 Champion සහ World U20 Champion,
2022 දී European Champion,
2023 දී European U23 Champion

ලෙසද Mykolas කවපෙත්ත ඉසව්වෙන් ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා.

පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉහළම දක්ෂතාවයන් අතර 3 වෙනි ස්ථානයේ සිටින්නේ ලිතුවේනියාවේ Virgilijus Alekna විසින්.

Virgilijus Alekna යනු Mykolas Alekna ගේ පියායි.

Virgilijus විසින් 2000 සහ 2004 කවපෙත්ත ඔලිම්පික් ‍රන් පදක්කම් දිනා ගෙන තිබෙනවා.

විකුම් හර්ෂණ (fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...