වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලූ 21 හැවිරිදි Mykolas Alekna

Share post:

ලිතුවේනියාවේ Mykolas Alekna විසින් කවපෙත්ත විසි කිරීමේ වසර 38 ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලීමට පසුගියදා සමත් වුණා.
ඒ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ Ramona හි පැවති Oklahoma Throws Series තරගාවලියේදීයි.

අලුත් ලෝක වාර්තාව සටහන් වුණේ මීටර් 74.35 ක් ලෙසයි.

21 හැවිරිදි Mykolas මේ බිඳ හැලුවේ 1986 දී ජර්මනියේ Jurgen Schult විසින් තබා තිබූ මීටර් 74.08 ක වාර්තාවයි.
මෙතෙක් බිඳ නොහෙලූ පැරණිම පිටිය ඉසව් පිරිමි ලෝක වාර්තාව ලෙසයි මෙය සැළකුණේ.

2021 දී European U20 Champion සහ World U20 Champion,
2022 දී European Champion,
2023 දී European U23 Champion

ලෙසද Mykolas කවපෙත්ත ඉසව්වෙන් ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා.

පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉහළම දක්ෂතාවයන් අතර 3 වෙනි ස්ථානයේ සිටින්නේ ලිතුවේනියාවේ Virgilijus Alekna විසින්.

Virgilijus Alekna යනු Mykolas Alekna ගේ පියායි.

Virgilijus විසින් 2000 සහ 2004 කවපෙත්ත ඔලිම්පික් ‍රන් පදක්කම් දිනා ගෙන තිබෙනවා.

විකුම් හර්ෂණ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...