ඔබේ ආදරය මට කියවා ගන්නට බැහැ! වටහා ගන්නට බැහැ!

Share post:

වැළලි ගිය මතකයක් ගොඩ නඟන්න පුංචි සිදුවීමකට පුලුවන්. මතකය මකා දමන මකනයක් තාම මෙි මිහිපිට කිසිකෙනෙක් හොයා ගෙන නෑ. “පාස්ට් ලයිවිස්” දකුණු කොරියානු චිත්‍රපටය බලල ඉවරවෙලා ඔළුවට ආපු දේ තමයි ඒ. “මෙික නමි පුදුම කතන්දරයක්, මාරම කතන්දරයක්” කියලයි දැනුනේ නමි. ප්‍රේමයන් ඇතුළේ අපිටත් අපේ ම කියලා අතීත නොස්ටැලිජියාවක් තියෙනවා. ඒ නොස්ටැලිජියාව ඇතුළේ විඳවීමි, රිදුනු තැන්, මිහිරි තැන්, අමිහිරි තැන්, ජීවිතය ඇති තුරාවට අමතක නොවන දේවල් රාශියක් එකවරම වගේ නැවත අවුස්සාලු චිත්‍රපටයක් නරඹන්නට ලැ⁣බුනේ අහඹු තෝරාගැනීමක් විදියට. චිත්‍රපටයේ අපට හමුවන ‘හේ සුන්ග්’ වගේ හිත හිර වුන තැන්, වෙවිලපු තැන්, දුරින් හිඳ ආදරය වෙනුවෙන් බලා හිටපු මතක මටත් තියෙනවා. මට විතරක් නෙමෙයි, මම හිතන්නෙ ඒක අපි හැමෝටම තියෙනවා. ළමා අවධිය, තරුණ අවධිය ඇතුළේ මම අත්විඳපු කාරණා එක්ක ‘හේ සුන්ග්’ කියන්නේ මෙි මම වගේ ම නේද? කියලා ආත්ම හැඟීමක් සිත තුළ නිරායාසයෙන් උපන්නා.

‘හේ සුන්ග්’ චරිතය දෙස බලන විට බොහෝමයක් සිතුවිලි මා සමඟ සමපාත වන අවස්ථා ද තිබුනා. කුඩා කාලයේ සිටම හිත ගිය තරුණියක් වෙනුවෙන් සිත තුළ උපන් පුංචි සිතුව්ල්ල විශාල ඉඩ ප්‍රමාණයක් හදවතේ වෙන් කරගෙන එය කියාගන්නට බැරී වීමෙි ඒ මහා කුණාටුවට හසුවීම තුළ මම දන්නෙ නැහැ, ඒ හැඟීම පිළිබඳව වචනවලට පෙරලන්නෙ කොහොමද? කියලා. හරියට නිකං ඈ ඉදිරියේ හුස්ම පොද හිරවෙනවා වගේ දෙයක්. මුළු සරුවාංගයම පෙටිටියක දාලා හිරකරලා වගේ.

තරුණ කාලය කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුන්දරත ම අවධියයි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. ඒ කාලය තරම් සැහැල්ලුවෙන් සහ අතීතකාමයෙන් නැහැවුනු සුන්දර කාලයකට අපි හැමෝම ගොඩක් ආශා කරන්නේ, කෙළි කවටකම්, දඟකාරකම්, පුංචි පුංචි රණ්ඩු සරුවල්, ඒ වගේම පැවසූ නොපැවසූ ආදර කතා මේ කිසිවකින් තරුණ කාලයේ අඩුවක් නැති හින්දා. වසර ගණනක ඒ කාලය පුරාවට කිසිම තැනක දුක හිතෙන තැනක් ඇත්තෙම නැහැ. නමුත් දුක හිතෙන තැනුත් නැත්තේම නැහැ. නමුත්, අනාගතයේ යළි කිසි දිනෙක ඒ කාලය අප ජීවිතවලට නොඑන බව දැනෙනා විට දී ඇතිවන දුක නම් හැමෝටම ඉතිරි වෙනවා. වසර ගණනාවක් ගත වෙලා එදා එකට සිටි මිතුරු මිතුරියන් යළිත් හමු වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම්, ඇත්තටම කෙතරම් සතුටක්ද? ඒ අතීතය පිළිබඳ යම් සමාගමයක් තුළ ඒකරාශී වී සොඳුරැ පිළිසඳරක යෙදෙන්නට ඇත්නමි? කෙතරමි අගනේද?
‘පාස්ට් ලයිව්ස්’ චිත්‍රපටයේ අපට හමුවන ‘හේ සුන්ග්’ සහ ‘නෝරා’ දෙපළගේ බැඳිම දෛවය විසින් එසේ අවාසනාවන්ත ලෙස සැලසුමි කළේ ඇයිද? යන්න ස්මරණය කරන සාධකයක් බවට පත් වෙනවා. දිගු කාලයකට පසුව මේ දෙපළගේ හමුව සමඟින් දෙදෙනාගේම හිත් තුල කාලයක් පුරා යටපත් කර ගෙන සිටි ආදර කතාව දිග හැරෙන්නේ එම ආදරය කෙතරම් සවිමත් ද? ඔවුන්ට වෙන්වන්නට වූයේ ඇයි? යළිත් ඔවුන්ට එක් විය හැකි ද? යන ප්‍රශ්න සියල්ලට පිළිතුරු සොයාගන්නට නමි “පාස්ට් ලයිවිස්” නැරඹිය යුතුම ය. දෛවය විසින් සරදමට ලක් කළ ඒ නිමේෂය වඩාත් සුබවාදී වුවා නමි මෙි අසිරිමත් ප්‍රේම කතන්දරය හදවත තව තවත් පාරා තුවාල නොකරන බව නමි නිසැක ය.

“ආදරය කෙතරම් ඉහළක සිට කඩා වැටිය යුතුද? ඒ කුඩා ගල් කැට විලාසයෙන් නොව ඉතා මෘදු මල් පෙති ආකාරයෙනි. එහෙත් මල් පෙති ඇද හැලෙන්නේ කුඩා ගල් කැට සමඟ නම් ආදරයට පෙරහන්කඩ දැමිය යුතුද? අවංක ආදරයට පෙරහන්කඩයක් තිබිය යුතුය.”

වෙන කිසිත් නොකියමි…”පාස්ටි ලයිවිස්” ප්‍රේමණීය සලරුව නරඹන්න .ඔබව මොහොතකට හෝ ඒ නොස්ටැලිජියාවට ගෙනයනවා සත්තයි.

මලින්ත විතානගේ

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...