IPL සහ ඔබේ මුදල් – ඔට්ටු තැබීමේ බුකි වෙබ් අඩවි IPL හි ප්‍රධාන අනුග්‍රාහකයන් වීමට තරම් ඒ ව්‍යාපාරය ප්‍රබලයි

Share post:

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මෙතෙක් පැවැති තරග සමීපයෙන් නරඹද්දී විශේෂ දෙයක් නිරීක්ෂණය කළා.
ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරග බොහෝ අවිනිශ්චිතයි.
සාමාන්‍ය ක්‍රිකට් හැසිරීමෙන් හෝ විශ්ලේෂණයෙන් පවා එහි අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කිරීමට අපහසුයි.
දිනය අවසානයේ අවම සම්භාවිතාවයක් තිබූ දෑ නිතර සිදුවීම මේ දින කිහිපයේම දැකගත හැකි වුණා.
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක්.
එහි තර්කයක් නැහැ.
එනමුත් දත්ත, ආසන්නම තරග වාර්තා, ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ කුසලතා විශ්ලේෂණය කර එහි ප්‍රතිඵල පුරෝකථනය කිරීම අලුත් දෙයක් නොවෙයි.
දක්ෂ ක්‍රිකට් කියවන්නෙකුට එවැනි පුරෝකථන කළ හැකියි.
එම පුරෝකථන සෑම විටකම නිවැරදි නොවුනත් එහි නිර්වද්‍යතාවයක් නඩත්තු කළ හැකියි.
එය ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම කාලයකම සිදු වූ දෙයක්.
නමුත් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ එය සිදු කිරීම අපහසුයි.
විශ්ලේෂණයන් මගින් සිදු කරන සාමාන්‍ය පුරෝකථනයන්ට හාත්පසින්ම වෙනස් දෑ එහි සිදුවෙනවා.
තරගාවලියේ හොඳම පන්දු බල ඇණි ලෙසට පෙනෙනා කණ්ඩායම් වලට එරෙහිව 200+ ට වැඩි ලකුණු ලබා ගත් කණ්ඩායමක්, දුර්වල පන්දු බල ඇණියක් ලෙසට පෙනෙනා කණ්ඩායමක් ඉදිරියේ ලකුණු 140ට අඩුවෙන් දැවී යනවා.
ඉතාම ප්‍රවේගකාරී, ආක්‍රමණශීලි දක්ෂ පිතිකරුවන් පවා ඉදහිට ඇදහිය නොහැකි තරමේ මන්දගාමී දිගු ඉනිම් ක්‍රීඩා කරනවා.
ජාත්‍යන්තර තලයේ දී සාමාන්‍යයෙන් එල්ලය නොවරදින පන්දු යවන්නන්, IPL තරගාවලියේ දී දිගින් දිගටම ෆුල්ටොස් පන්දු යවනවා.
ක්‍රීඩකයන් යනු සාමාන්‍ය මනුෂ්‍යයන් නිසා මෙවැනි දෑ තරගයක සාමාන්‍යයෙන් සිදුවිය හැකි බවට කිසිවෙකුට හෝ තර්ක කළ හැකියි.
එනමුත් රටාවකට, සෑම තරගයකම පාහේ එවැනි එක සිදුවීමක් හෝ සිදුවීම සාමාන්‍ය නැහැ.
අප සැඟවිය යුතු නැහැ, IPL තරගාවලියේ ප්‍රධාන ආදායම ඔට්ටු තැබීම.
එය ඩොලර් බිලියන ගණනක මුදල් හුවමාරු වන ව්‍යාපාරයක්.
මේ වෙද්දී එවැනි ඉන්දියාවේ පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියානු කලාපය, යුරෝපය සහ සෙසු ගෝලිය කලාප වල පවා IPL උදෙසා ඔට්ටු තැබීමේ ව්‍යාපාරය සිදුවෙනවා.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය පමණක් නොව ජාතික කණ්ඩායම සමග පවා එවැනි බුකි වෙබ් අඩවි සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරනු අප පසුගිය සමයේ දුටුවා.
සාමාන්‍ය ක්‍රිකට් රසිකයා ඔට්ටු තබන්නේ ඔහුට අනුව වැඩිම සම්භාවිතාවක් සහිත සිදුවීමට.
තරග සියල්ල ජය ගත් කණ්ඩායම සහ තරග සියල්ල පරාජය වූ කණ්ඩායම අතර තරගයක දී බහුතරය ඔට්ටු තබන්නේ තරග සියල්ල ජය ගත් කණ්ඩායම වෙනුවෙන්.
එදින එම කණ්ඩායම පරාජය වුවහොත් බුකි වෙබ් අඩවි මිලියන ගණනක ලාබයක් උපයනවා.
සාමාන්‍යයෙන් තෝරා ගත් පන්දුවක් නිපන්දුවක් ද නැත්ද යන්නට බහුතරය ඔට්ටු තබන්නේ එය නිපන්දුවක් නොවීමටයි.
තෝරාගත් පන්දුවක් නිපන්දුවක් වීමට ඇති ඉඩ බොහෝ අඩුයි.
නමුත් එය නිපන්දුවක් වුවහොත්, බුකි ව්‍යාපාර විශාල ධනස්කන්දයක් උපයනවා.
ක්‍රිකට් ඔට්ටු තැබීමේ ව්‍යාපාරය සිදුවෙන්නේ එහෙමයි.
ක්‍රිකට් වාණිජකරණය වී මෙවැනි විශාල මුදල් සම්භාරයක් ගැවසීමත් සමග ලීග තරගාවලි සර්ව සාධාරණව, ස්වාභාවිකව පැවැත්වෙන්නේ නැහැ.
එහි සංවිධායකයන්ට, ආයෝජකයන්ට සහ හිමිකරුවන්ට වැඩිම මුදලක් ඉපැයිය හැකි වන ලෙසට ක්‍රීඩාවේ සාමාන්‍ය ගලා යාම වෙනස් කෙරෙනවා.
එය තවදුරටත් කොන්ස්පිරසි න්‍යායක් (Conspiracy theory) නෙවෙයි.
දෑසට පෙනෙනා යථාර්තයක්.
එම නිසා ඔන්ලයින් වේවා, වෙනත් ආකාරයකට වේවා IPL තරග උදෙසා ඔට්ටු තැබීම එතරම් ඥානාන්විත ක්‍රියාවක් නොවෙයි.
එය හිතාමතාම ක්‍රීඩා කෙරෙන්නේ ඔට්ටු තබන්නාගේ මුදලට තට්ටු කිරීමටයි.
කොතරම් ප්‍රවර්ධනය සිදු කළත්, නීත්‍යානුකූල බව පෙන්වීමට උත්සාහ කළත්, ඔබට ධනවත් විය හැකි බව පෙන්වූවත් එවැනි ක්‍රම වලින් ඉවත්ව සිටීම ගුණදායකයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

   2024. 04. 10

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...