“ලාංකිකයන්ගේ මැක්ඩොනල්ඩ්ස් ෆැන්ටසිය දිය වීම සහ ‘ද ෆවුන්ඩර්’ චිත්‍රපටය නැරඹිම”

Share post:

මැක්ඩොනල්ඩ්ස් කියන සුප්‍රකට ඇමරිකානු සමාගම විසින් ලංකාව පුරා පිහිටි සියළුම මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වසා දැමුණා කියන ප්‍රවෘත්තිය පසුගිය දිනවල සෑහෙන්න විශාල මාතෘකාවක් බවට පත් වුණා. මැක්ඩොනල්ඩ්ස් කෑම ආයේ කවදාවත් ලංකාවේ පාරිභෝගිකයන්ට රසවිඳින්න ලැබෙන්නේ නැති වෙයි. මැක්ඩොනල්ඩ් රෙස්ටොරන්ට් එකක බනිස් ගෙඩියක් කන්න යනවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට දැවැන්ත ෆැන්ටසියක් කියුවොත් වැරදි නෑ. ඔවුන්ට අනුව මැක්ඩොනල්ඩ්ස් කියන්නේ පරිභෝජනවාදයේ දේවස්ථානයක්. පෞද්ගලිකව මට නමි KFC, මැක්ඩොනල්ඩ්ස්, පීසා හටි වගේ ජන්ක් ෆුඩිස් සපයන්නන් ගැන ලොකු කැමැත්තක් නෑ. හැබැයි ලංකාවේ එක්තරා පන්තියක් විසින් මැක්ඩොනල්ඩ්ස් පරිභෝජනය කරන බව පේනවා. මැක්ඩොනල්ඩ්ස් කියන්නේ ලෝකයේ දැනට තියෙන දැවැන්ත ආහාර සන්නාමයක්.

“මැක්ඩොනල්ඩ්ස්” කියන මෙි අපුරු සන්නාමය අහපු සැනින්, ක්ෂණයෙන් මතකයට එන්නෙ හැම්බර්ගර්, බැඳපු කුකුළු මස්, උණු බල්ලෝ(Hotdogs) පිරී ආහාරමය අවන් හලක්. මැක්ඩොනල්ඩ්ස් සන්නාමය රැගත් ඊට ආවේණීක වු රත්රන් පැහැති M අකුර හැඩය ගත් ආරුක්කුගත ලෝගුව නමි අමතක නොවන්නක්. අද වනවිට ලෝක ජනගහනයෙන් 1%කගේ බඩ පුරවන්නට මෙි ලොව පුරා පිහිට් මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලාව සමත් වෙලා තියනවා. ලොව පුරා රටවල් 120ක මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ශාඛා 41,822ක, සේවකයන් මිලියනයක් සහිත වසරකට මැක්ඩොනල්ඩ්ස් සමාගම විසින් ලබන දළ ආදායම වසරකට බිලියන 20 -25ත් අතර වෙනවා.

සැබෑවටම මෙි “මැක්ඩොනල්ඩ්ස්” කියන අපුරු ක්ෂණික ආහාරමය අවන්හල් ජාලාව ඇර⁣ඹුම කොහොම එකක්ද? යන වග ‘The Founder’ චිත්‍රපටය හරහා දිග හැරෙනවා. මැක්ඩොනල්ඩ්ස් නාමය ‘Dick Mcdonald’ සහ ‘Mac Macdonald’ යන සහෝදරයා දෙපළගේ නිර්මාණයක් වුවද, රේ ක්‍රොක්ගේ මැක්ඩොනල්ඩ් නාමය ඇමරිකාව පුරා ප්‍රචලිත කරන්නට ගන්නා උත්සාහය, අවසානයේ Macdonald සහෝදර දෙපළගේ මැක්ඩොනල්ඩ්ස් සන්නාමය පවා රේ විසින් උදුරා ගන්නා ආකාරය The Founder චිත්‍රපටය ඔස්සේ දිග හැරෙනවා.

මිල්ක්ෂේක් බීම හදන යන්ත්‍රයක් රැගෙන අවන්හලින්, අවන්හලට ගොස් පිණ්සෙන්ඩු වු රේ ක්‍රොක් මැක්ඩොනල්ඩ්ස් හමු වීමත් සමඟ ගොඩ ගිය ආකාරය වගේම සාර්ථක වෙළඳ දේපළ සමාගමක හිමිකාරයෙක් බවට පත්වන අයුරු හරි අපුරුවට පෙන්වනවා. Michal Keaton රේ ක්‍රොක්ගේ භූමිකාව ආකර්ෂණීය මටිටකින් යුතුව ඉදිරිපත් කිරීමම චිත්‍රපටය නීරස නොවී සාවධානව නරඹන්නට ඉවහල් වෙනවා.

රේගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට මැක්ඩොනල්ඩ්ස් ⁣අද ලොව පුරා ප්‍රචලිත ආහාරමය වෙළද සමාගමක් බවට පත් වී තිබෙනවා. මැක්ඩොනල්ඩ්ස් කියන සාර්ථක ⁣අවන්හල් ඡාලාවට මඟ පැඳුණු නිධාන කතාව ඇතුළත් ‘The Founder’ ඔස්සේ අපුරු යමක් ඔබෙි ජිවිතයට එකතු පහදු කරගන්නට නිරායාසයෙන් හැකි වෙිවි.

මලින්තත විතානගේ

Related articles

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...