“ලාංකිකයන්ගේ මැක්ඩොනල්ඩ්ස් ෆැන්ටසිය දිය වීම සහ ‘ද ෆවුන්ඩර්’ චිත්‍රපටය නැරඹිම”

Share post:

මැක්ඩොනල්ඩ්ස් කියන සුප්‍රකට ඇමරිකානු සමාගම විසින් ලංකාව පුරා පිහිටි සියළුම මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වසා දැමුණා කියන ප්‍රවෘත්තිය පසුගිය දිනවල සෑහෙන්න විශාල මාතෘකාවක් බවට පත් වුණා. මැක්ඩොනල්ඩ්ස් කෑම ආයේ කවදාවත් ලංකාවේ පාරිභෝගිකයන්ට රසවිඳින්න ලැබෙන්නේ නැති වෙයි. මැක්ඩොනල්ඩ් රෙස්ටොරන්ට් එකක බනිස් ගෙඩියක් කන්න යනවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට දැවැන්ත ෆැන්ටසියක් කියුවොත් වැරදි නෑ. ඔවුන්ට අනුව මැක්ඩොනල්ඩ්ස් කියන්නේ පරිභෝජනවාදයේ දේවස්ථානයක්. පෞද්ගලිකව මට නමි KFC, මැක්ඩොනල්ඩ්ස්, පීසා හටි වගේ ජන්ක් ෆුඩිස් සපයන්නන් ගැන ලොකු කැමැත්තක් නෑ. හැබැයි ලංකාවේ එක්තරා පන්තියක් විසින් මැක්ඩොනල්ඩ්ස් පරිභෝජනය කරන බව පේනවා. මැක්ඩොනල්ඩ්ස් කියන්නේ ලෝකයේ දැනට තියෙන දැවැන්ත ආහාර සන්නාමයක්.

“මැක්ඩොනල්ඩ්ස්” කියන මෙි අපුරු සන්නාමය අහපු සැනින්, ක්ෂණයෙන් මතකයට එන්නෙ හැම්බර්ගර්, බැඳපු කුකුළු මස්, උණු බල්ලෝ(Hotdogs) පිරී ආහාරමය අවන් හලක්. මැක්ඩොනල්ඩ්ස් සන්නාමය රැගත් ඊට ආවේණීක වු රත්රන් පැහැති M අකුර හැඩය ගත් ආරුක්කුගත ලෝගුව නමි අමතක නොවන්නක්. අද වනවිට ලෝක ජනගහනයෙන් 1%කගේ බඩ පුරවන්නට මෙි ලොව පුරා පිහිට් මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලාව සමත් වෙලා තියනවා. ලොව පුරා රටවල් 120ක මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ශාඛා 41,822ක, සේවකයන් මිලියනයක් සහිත වසරකට මැක්ඩොනල්ඩ්ස් සමාගම විසින් ලබන දළ ආදායම වසරකට බිලියන 20 -25ත් අතර වෙනවා.

සැබෑවටම මෙි “මැක්ඩොනල්ඩ්ස්” කියන අපුරු ක්ෂණික ආහාරමය අවන්හල් ජාලාව ඇර⁣ඹුම කොහොම එකක්ද? යන වග ‘The Founder’ චිත්‍රපටය හරහා දිග හැරෙනවා. මැක්ඩොනල්ඩ්ස් නාමය ‘Dick Mcdonald’ සහ ‘Mac Macdonald’ යන සහෝදරයා දෙපළගේ නිර්මාණයක් වුවද, රේ ක්‍රොක්ගේ මැක්ඩොනල්ඩ් නාමය ඇමරිකාව පුරා ප්‍රචලිත කරන්නට ගන්නා උත්සාහය, අවසානයේ Macdonald සහෝදර දෙපළගේ මැක්ඩොනල්ඩ්ස් සන්නාමය පවා රේ විසින් උදුරා ගන්නා ආකාරය The Founder චිත්‍රපටය ඔස්සේ දිග හැරෙනවා.

මිල්ක්ෂේක් බීම හදන යන්ත්‍රයක් රැගෙන අවන්හලින්, අවන්හලට ගොස් පිණ්සෙන්ඩු වු රේ ක්‍රොක් මැක්ඩොනල්ඩ්ස් හමු වීමත් සමඟ ගොඩ ගිය ආකාරය වගේම සාර්ථක වෙළඳ දේපළ සමාගමක හිමිකාරයෙක් බවට පත්වන අයුරු හරි අපුරුවට පෙන්වනවා. Michal Keaton රේ ක්‍රොක්ගේ භූමිකාව ආකර්ෂණීය මටිටකින් යුතුව ඉදිරිපත් කිරීමම චිත්‍රපටය නීරස නොවී සාවධානව නරඹන්නට ඉවහල් වෙනවා.

රේගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට මැක්ඩොනල්ඩ්ස් ⁣අද ලොව පුරා ප්‍රචලිත ආහාරමය වෙළද සමාගමක් බවට පත් වී තිබෙනවා. මැක්ඩොනල්ඩ්ස් කියන සාර්ථක ⁣අවන්හල් ඡාලාවට මඟ පැඳුණු නිධාන කතාව ඇතුළත් ‘The Founder’ ඔස්සේ අපුරු යමක් ඔබෙි ජිවිතයට එකතු පහදු කරගන්නට නිරායාසයෙන් හැකි වෙිවි.

මලින්තත විතානගේ

Related articles

දේශබන්දුගේ තීන්දුව නීතියට පටහැනියි – කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක් !

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලය භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

බුකියේ කතා කරන ජගා ගේ නැටුම් (ජගත් ජයසුන්දර)

මේ දින වල ජගත් ජයසුන්දරගේ ජව සම්පන්න නර්තනය ගැන නර්තනය ශිල්පීන් , වගේම තව එක එක්කෙනා කතා බහට...

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !

කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන...