අතිශය දුර්ලභ ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්

Share post:

අද මැච් එක බැලුවා නම් ඕගොල්ලෝ දැක්කේ ඉතිහාසයේ අති දුර්ලභම අවස්ථාවක්…
එකම ටෙස්ට් තරඟයක එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ඉනිම් දෙකේම ශතක 2 ක් හෝ ශතකයකට වැඩි ලකුණු ගණනක් වාර්තා කළ ඇති අවස්ථා….

1974 ටෙස්ට් තරඟ අංක 733 ඕස්ට්‍රේලියාවේ චැපල් සහෝදරවරු විසින් නවසීලන්තයට එරෙහිව
ඉයන් චැපල් (??) : 145 & 121
ග්‍රෙග් චැපල් (??) : 247* & 133

2014 වසර ටෙස්ට් තරඟ අංක 2142 පාකිස්ථාන ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව
අසාර් අලි (??) : 109 & 100*
මිෂ්බා උල් හක් (??) : 101 & 101*

2024 වසර ටෙස්ට් තරඟ අංක 2536 ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් බංග්ලාදේශයට එරෙහිව
ධනංජය ද සිල්වා (??) : 102 & 108
කමිඳු මෙන්ඩිස් (??) : 102 & 100

End of the list
මීට අමතරව එකම ටෙස්ට් තරඟයක් තුළ ඉනිම් දෙකෙහිදීම ක්‍රීඩකයන් දෙදෙනෙක් ශතක 2 ක් හෝ ශතකයකට වැඩි ලකුණු ගණනක් වාර්තා කළ අවස්ථා 2 ක් තිබේ. නමුත් එම ඉනිම් එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් වාර්තා කරන ලද ඉනිම් නොව, දෙපිලෙහිම ක්‍රීඩකයන් දෙදෙනෙක් වාර්තා කළ ඉනිම් වේ.

1947 එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ( ටෙස්ට් තරඟ අංක 282)
DCS කොම්ප්ටන් (EN) : 147 & 103
AR මොරිස් (??) : 122 & 124*

2014 ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ( ටෙස්ට් තරඟ අංක 2148)
විරාට් කෝලි (??) : 115 & 141
ඩේවිඩ් වෝනර් (??) : 163 & 116

ඒ අනුව වසර 147 ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකම ටෙස්ට් තරඟයක් තුළ එකම ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ඉනිම් දෙකෙහිදීම ශතක 2 ක් හෝ ශතකයකට වැඩි ලකුණු ගණනක් වාර්තා කළ අවස්ථා 3 ක් පමණයි මුළු ක්‍රිකට් ඉතිහාසයට තියෙන්නේ.
එයින් එක් අවස්ථාවක් ශ්‍රී ලාංකික අපේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් නියෝජනය කිරීම සෑහෙන වටිනා දෙයක්.
මෑත ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් වාර්තා කිරීමට කිසිදු ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත්ව නැත.
එම වසර තුන…
1974
2014
2024

කමිඳු මෙන්ඩිස් රැස්කළ ශතක දෙක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙක් ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව ලෙස ලෝක වාර්තාවක් බවට පත්විය.

(Pasindu Herath FB )

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...