බ්‍රිට්නිගෙ වීඩියෝවටත් වඩා හිට් වෙන බ්ලැක් ජැක්ගේ වීඩියෝ ක්ලිප් එක Kung-fu Panda 4

Share post:

Hit me Baby One more time

කුන්ග්ෆු පැන්ඩා මුල්ම චිත්‍රපටිය බැලුවෙ ඉගෙන ගන්න කාලෙ ඒ දවස්වල හිටපු මිත්‍රයො කීපදෙනෙක්ගෙ බලකිරීමට.
මතක විදිහට ඒ 2008 අවුරුද්දෙ ජිනීවා නගරයේ බැල්ක්සෙයාර් සිනමා සංකීර්ණය ආරම්භ කරපු අලුත.
ඔය කතන්දරේට කොයිතරම් හිත ගියාද කියනවනම් එතනින් පස්සෙ ආපු අනිත් චිත්‍රපටි දෙකම බැලුවෙ කාගෙවත් බලකිරීමක් නැතුව.

Kung-fu Panda 2- 2011
Kung-fu Panda 3- 2016.

මේ මාසෙ කුන්ග්ෆු පැන්ඩා හතරවෙනි චිත්‍රපටියත් එලියට ඇවිත් බව දැනගත්තෙ යූ ටියුබ් එකේ ජැක් බ්ලැක්ගෙ මේ සිංදුව දැකපු නිසයි.
කුන්ග්ෆු පැන්ඩා චිත්‍රපටිය ලියන්නෙ ජොනතන් අයිබෙල්.. ග්ලෙන් බර්ගර් කියන විශිෂ්ටයන් දෙන්නා විසින්. ( Jonathan Aibel, Glenn Berger)
පැන්ඩාගෙ චරිතය කරන්නෙ තවත් අමුතුම දක්ශතා තියෙන නළුවෙක් වූ බ්ලැක් ජැක් එහෙමත් නැත්තං තෝමස් ජාකොබ් බ්ලැක්.
අභ්‍යවකාශ විද්‍යාඥ්ඥයන්… රසායන විද්‍යාඥ්‍යන් .. ඉන්න උගත් පවුලක සාමාජිකයෙක් වූ බ්ලැක් ජැක් ගිටාර් වාදකයෙක් වගේම ගායකයෙක්… හඬ කැවීමේ ශිල්පියෙක්.
බේබි වන් මෝ ටයිම් සිංදුව කියන්නෙ හැමෝම දන්න බ්‍රිට්නි ස්පියර්ස්.
අනූව දශකයේදී ජනප්‍රිය වුනු තවත් සුපිරි තරුවක් බ්‍රිට්නි.
1998 අවුරුද්දෙ නිකුත් කරපු ඇල්බමයක තිබුනු මේ ගීතය ලෝකෙ පුරාම වගේ ලංකාවෙත් ප්‍රසිද්ධ වෙනව.
වරදක් නෑ ..බ්‍රිට්නිගෙ මියුසික් වීඩියෝවත් ඉස්තරම්.
නමුත් කුන්ග්ෆු පැන්ඩා හතරවෙනි චිත්‍රපටියට බ්ලැක් ජැක් කියන මේ සිංදුවත් වීඩියෝ ක්ලිප් එකත් බ්‍රිට්නිගෙ වීඩියෝවටත් වඩා හිට් වෙනව කියල හිතෙන්නෙ මට විතරක් නෙවෙයි.

සති දෙකක් ඇතුලත මිලියන දහයකට ආසන්න පිරිසක් මේ වීඩියෝව නරඹනව.

මේ හාදයාට වයස පනස් හතරක්.. කුන්ග්ෆු පැන්ඩාට මීට වඩා හරියන චරිතයක්වත් කටහඬක්වත් තවත් නෑ කියලයි මට හිතෙන්නෙ.
ජැක්ගෙ කටහඬ ඇහෙද්දි හිතෙන්නෙ පැන්ඩා කතා කරනව කියල.

My loneliness is killing me… and I
must confess.. I still believe..

Malcolm Sang

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...