බ්‍රිට්නිගෙ වීඩියෝවටත් වඩා හිට් වෙන බ්ලැක් ජැක්ගේ වීඩියෝ ක්ලිප් එක Kung-fu Panda 4

Share post:

Hit me Baby One more time

කුන්ග්ෆු පැන්ඩා මුල්ම චිත්‍රපටිය බැලුවෙ ඉගෙන ගන්න කාලෙ ඒ දවස්වල හිටපු මිත්‍රයො කීපදෙනෙක්ගෙ බලකිරීමට.
මතක විදිහට ඒ 2008 අවුරුද්දෙ ජිනීවා නගරයේ බැල්ක්සෙයාර් සිනමා සංකීර්ණය ආරම්භ කරපු අලුත.
ඔය කතන්දරේට කොයිතරම් හිත ගියාද කියනවනම් එතනින් පස්සෙ ආපු අනිත් චිත්‍රපටි දෙකම බැලුවෙ කාගෙවත් බලකිරීමක් නැතුව.

Kung-fu Panda 2- 2011
Kung-fu Panda 3- 2016.

මේ මාසෙ කුන්ග්ෆු පැන්ඩා හතරවෙනි චිත්‍රපටියත් එලියට ඇවිත් බව දැනගත්තෙ යූ ටියුබ් එකේ ජැක් බ්ලැක්ගෙ මේ සිංදුව දැකපු නිසයි.
කුන්ග්ෆු පැන්ඩා චිත්‍රපටිය ලියන්නෙ ජොනතන් අයිබෙල්.. ග්ලෙන් බර්ගර් කියන විශිෂ්ටයන් දෙන්නා විසින්. ( Jonathan Aibel, Glenn Berger)
පැන්ඩාගෙ චරිතය කරන්නෙ තවත් අමුතුම දක්ශතා තියෙන නළුවෙක් වූ බ්ලැක් ජැක් එහෙමත් නැත්තං තෝමස් ජාකොබ් බ්ලැක්.
අභ්‍යවකාශ විද්‍යාඥ්ඥයන්… රසායන විද්‍යාඥ්‍යන් .. ඉන්න උගත් පවුලක සාමාජිකයෙක් වූ බ්ලැක් ජැක් ගිටාර් වාදකයෙක් වගේම ගායකයෙක්… හඬ කැවීමේ ශිල්පියෙක්.
බේබි වන් මෝ ටයිම් සිංදුව කියන්නෙ හැමෝම දන්න බ්‍රිට්නි ස්පියර්ස්.
අනූව දශකයේදී ජනප්‍රිය වුනු තවත් සුපිරි තරුවක් බ්‍රිට්නි.
1998 අවුරුද්දෙ නිකුත් කරපු ඇල්බමයක තිබුනු මේ ගීතය ලෝකෙ පුරාම වගේ ලංකාවෙත් ප්‍රසිද්ධ වෙනව.
වරදක් නෑ ..බ්‍රිට්නිගෙ මියුසික් වීඩියෝවත් ඉස්තරම්.
නමුත් කුන්ග්ෆු පැන්ඩා හතරවෙනි චිත්‍රපටියට බ්ලැක් ජැක් කියන මේ සිංදුවත් වීඩියෝ ක්ලිප් එකත් බ්‍රිට්නිගෙ වීඩියෝවටත් වඩා හිට් වෙනව කියල හිතෙන්නෙ මට විතරක් නෙවෙයි.

සති දෙකක් ඇතුලත මිලියන දහයකට ආසන්න පිරිසක් මේ වීඩියෝව නරඹනව.

මේ හාදයාට වයස පනස් හතරක්.. කුන්ග්ෆු පැන්ඩාට මීට වඩා හරියන චරිතයක්වත් කටහඬක්වත් තවත් නෑ කියලයි මට හිතෙන්නෙ.
ජැක්ගෙ කටහඬ ඇහෙද්දි හිතෙන්නෙ පැන්ඩා කතා කරනව කියල.

My loneliness is killing me… and I
must confess.. I still believe..

Malcolm Sang

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...