Netflix India විසින් නිර්මාණය කරපු The Indrani Mukerjea Story: Buried Truth

Share post:

Sheena Bora 2012 අප්‍රියෙල් මස 24 දා සිට අතුරුදහන් වෙනව. ඇය එකල ප්‍රකට ඉන්දීය මාධ්‍ය ලොව ව්‍යාපාරික කාන්තාවක් වන Indira Mukerjea ගේ සහෝදරිය ලෙස තමා ඒ වන විට සියල්ලන්ම ඇඳිනගෙන සිටියේ. ඇගේ ආදරවන්තයා වන Rahul Mukerjea විසින් මේ පිළිබඳ පැමිණිලි කලත් මේ පිළිබද කිසිදු විමර්ශනයක් සිදු නොවන්නේ Indira විසින් ඇය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ බව පොලීසීයට දන්වා සිටීම නිසාවෙනි. ඉන් පසු මේ පිලිබඳ මතකය සියල්ලන්ගෙන්ම අමතකව යද්දී 2015 වසරේදී එක්වරම මුම්බායි පොලීසීය විසින් Indrani අත් අඩංගුවට ගනු ලබන අතර ඇය සහ ඇගේ හිටපු ස්වාමිපුරුෂයා විසින් මේ ඝාතන ඇයගේ රියදුරා හා එක්ව සිදුකල බවට චෝදනා එල්ල කිරීමත් සමඟ මාධ්‍ය ලොව කළඹවමින් මේ Indira Mukarjea ගේ ජීවන තොරතුරු ඇගේ අතීතය ඇගේ සම්බන්ධතා එලියට එන්නට පටන් ගන්නව. බැලූ බැල්මටම මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ලෙසත් පෙනී යන නමුත් ඇගේ අතීත ක්‍රියාකාරකම් හා ඇගේ අනෙක් දරුවා ලබාදෙන ප්‍රකාශත් එක්ක මේ සියල්ල එකිනෙක පැටලුනු නූල් බෝලයක් සේ පෙනී යනව. මෙන්න මේ කතාව තමා 2024 දී Netflix India විසින් නිර්මාණය කරපු The Indrani Mukerjea Story: Buried Truth ඇතුලේ දිගහැරෙන්නේ.

මේ ඝාතනය ගැන සමාජ අවධානය ත්‍රීව වූයේ ඇගේ පුතා විසින් Sheena Bora යනු Indrani ගේ සහෝදරිය නොව දුව බවට හෙළිදරව් කරීමත් සමගය. ඉන් පසු මේ ඝාතනය ගැන සමාජ අවධානය පසෙකලා ජනමාධ්‍ය විසින් Indrani ගේ අතීතය හාරවමින් සුපුරුදු භාවිතාවේ නියලෙන්නට ගත් ආකාරයත් මේ වාර්තා වැඩසටහන තුල දැකගන්නට හැකිය. අනෙක් පස Indrani ගේ භාවිතාව ඇතුලේ ඇය සෑම විටම හබා ගිය ඇගේ තත්වය වෙනුවෙන් ඇය සතු මුදල් හරහා ඕනෑම දෙයක් කිරීමට නොපැකිලි වෙන බව ඇය විසින් මේ කතා මාලාවට පවසන දේ සහ ඇගේ හැසිරීම් හා භාවිතාවන් ගැන ඇගේ සමීපතමයන් පවසන දෑ තුලින්ද වටහා ගත හැකිය. ඇය කෙතරම් දුරකට අනෙක් පුද්ගලයන් හැසිරීමට දරන උත්සහය ඇගේ නීතී සහකයාට පවා ඔහුට රිසි සේ කතා කරන්නට නොදෙන ඇගේ භාවිතාව තුලින් අපිට තේරූම් ගත් හැකිය. එමෙන්ම ඇය කිසි විටකවත් Sheena Bora මිය ගිය බවක් විශ්වාශ කිරීමට පෙලෙඹෙන්නේ නෑ.

තවමත් උසාවියේ නඩු නිමිත්තක්ව පවතින මේ මරණය හෝ අතුරුදහන් වීම සැඟවුණු සත්‍ය කිසි ලෙසකටවත් මතු වීමට ඉඩක් නැත්තේ මේ කතාව ඇතුලේම පවසන ආකාරයකට මෙය බොහෝ දුරට දුස් තොරතුරු සමාජගත වීම හරහාම අර්ධ සත්‍යන් සහ ව්‍යාජයන් තුලින් සත්‍ය හෙළිදරව් කරගැනීම අසීරූ වී තිබීමය. මෙය බොහෝ දුරට නැවත මතු වීම කෙරෙහි වුවද මුම්බායි වල ඇති ව්‍යාපාරික උවමනා ගැට ගැසී පවතින්නට නොහැකියාවක් නැති තරම්. Indrani Mukeajea ගේ අපිට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ඇය සෑම විටම ඇගේ අතීත ජීවීතය හෙළිදරව්ව යටපත් කර ගැනීමට දැරූ උත්සහයන් තුල ව්‍යාපාරික ලොව තුල ඇගේ පැවත්ම රදා පැවතීම වෙනුවෙන් ඇගේ සම්බන්ධතා කොතරම් දුරට බලපාන බව වටහා ගැනීමට අසීරු නොවනු ඇති. හුදු අපරාධයක සුල මුල සොයා යන වාර්තා වැඩසටහනකට සාපේක්ෂව මේ කතාව තුල Indrani චරිතය දෙස පසු විපරමක් සේම මුම්බායි ඉහළ ව්‍යාපාරික ජීවීත වල ඇතුල් පැත්ත දෙස පසු විපරමක් ලෙසද ගත හැකිය.

කසුන් ප්‍රනාන්දු (fb)

Related articles

ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත...

‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ ලියන්නෙකුට හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න

හරවත් ව විධිමත් ව දැනුවත් ව ලියනා සැටිත්, ලිවීමට පෙර සිතනා සැටිත්, යළි යළි ලිය ලියා පුහුණුවන සැටිත්...

ඩයනා පමණක් වැරදි නැත : රනිල් සජිත් සියඹලා ගෙනාවේ මෙහෙමයි !

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීරණය කළේය. ඒ, ඇයට ලංකාවේ පුරවැසිභාවය...