ආදරවන්තයන්ගේ සටන අද, මා පාසැල්වාදියෙක් නොවෙයි

Share post:

නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව බවට සැකයක් නැහැ.
ඒ පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක, යහපත් දෑ අගය කිරීමට පාසැල්වාදියෙක් විය යුතුද නැහැ.
මන්ද කුමන පාසල කුමන අන්දමින් දක්ෂතා දැක්වූවත්, සයුරට ඇදෙනා කුඩා ගංගාවන් මෙන් ඒ සියලූම දක්ෂතා අවසානයේ එක්වන්නේ අප ශ්‍රී ලංකාව වෙනුවෙනුයි.

එම නිසා පාසල් ක්‍රීඩාවේ යහපත්, ධනාත්මක දෑ වර්ණනා කිරීමට අප දෙවරක් සිතිය යුතු නැහැ.
ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාල අතර පැවැත්වෙන 119 වෙනි ආදරවන්තයන්ගේ සටන අද ආරම්භ වුණා.
19 පහළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක මල්ෂ තරුපති රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවනවා.
19 පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වූ දිනුර කලුපහන විසින් මහින්ද කණ්ඩායම මෙහෙයවනවා.
බංග්ලාදේශය සමග පැවැත්වූ අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආදි රිච්මන්ඩ් ක්‍රීඩක වනිඳු හසරංග කඩුලු හතරක් ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිම ලකුණු 300ට අඩුවෙන් සීමා කිරීමට ප්‍රධානම හේතුව වූයේ ඔහුයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් ආදි රිච්මන්ඩ් නායක චරිත් අසලංක ලකුණු 91ක් රැස් කළා.
ඔහු සහ පැතුම් නිස්සංක අතර සිව්වෙනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 185 ක සම්බන්ධය, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිව්වෙනි කඩුල්ලට ඇති වූ විශාලතම සම්බන්ධයයි.
අද ජයග්‍රහණයේ ප්‍රධානම පාර්ශවකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම ආදි රිච්මන්ඩ් ක්‍රීඩකයන්.
අද තරගය පමණක් නොවෙයි, වත්මන් ජාතික කණ්ඩායමේම සැලකිය යුතු වගකීමක් ආදි රිච්මන්ඩ් ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ 90 දශකය ආනන්දය සහ නාලන්දය වෙනුවෙන් වෙන් වූවා සේම, මේ යුගය වෙන් වී ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් බව පිළිගැනීමට පාසැල්වාදියෙක් විය යුතු නැහැ.
කොළඹින් එපිට, දකුණු පළාතේ පාසලකින් එවන් දක්ෂතාවක් දැකගැනීමට හැකි වීම කොලඹින් එපිට සෑම පාසැලකටම ආදර්ශයක්.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

2024, 03, 15

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...