ආදරවන්තයන්ගේ සටන අද, මා පාසැල්වාදියෙක් නොවෙයි

Share post:

නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව බවට සැකයක් නැහැ.
ඒ පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක, යහපත් දෑ අගය කිරීමට පාසැල්වාදියෙක් විය යුතුද නැහැ.
මන්ද කුමන පාසල කුමන අන්දමින් දක්ෂතා දැක්වූවත්, සයුරට ඇදෙනා කුඩා ගංගාවන් මෙන් ඒ සියලූම දක්ෂතා අවසානයේ එක්වන්නේ අප ශ්‍රී ලංකාව වෙනුවෙනුයි.

එම නිසා පාසල් ක්‍රීඩාවේ යහපත්, ධනාත්මක දෑ වර්ණනා කිරීමට අප දෙවරක් සිතිය යුතු නැහැ.
ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාල අතර පැවැත්වෙන 119 වෙනි ආදරවන්තයන්ගේ සටන අද ආරම්භ වුණා.
19 පහළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක මල්ෂ තරුපති රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවනවා.
19 පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වූ දිනුර කලුපහන විසින් මහින්ද කණ්ඩායම මෙහෙයවනවා.
බංග්ලාදේශය සමග පැවැත්වූ අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආදි රිච්මන්ඩ් ක්‍රීඩක වනිඳු හසරංග කඩුලු හතරක් ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිම ලකුණු 300ට අඩුවෙන් සීමා කිරීමට ප්‍රධානම හේතුව වූයේ ඔහුයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් ආදි රිච්මන්ඩ් නායක චරිත් අසලංක ලකුණු 91ක් රැස් කළා.
ඔහු සහ පැතුම් නිස්සංක අතර සිව්වෙනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 185 ක සම්බන්ධය, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිව්වෙනි කඩුල්ලට ඇති වූ විශාලතම සම්බන්ධයයි.
අද ජයග්‍රහණයේ ප්‍රධානම පාර්ශවකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම ආදි රිච්මන්ඩ් ක්‍රීඩකයන්.
අද තරගය පමණක් නොවෙයි, වත්මන් ජාතික කණ්ඩායමේම සැලකිය යුතු වගකීමක් ආදි රිච්මන්ඩ් ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ 90 දශකය ආනන්දය සහ නාලන්දය වෙනුවෙන් වෙන් වූවා සේම, මේ යුගය වෙන් වී ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් බව පිළිගැනීමට පාසැල්වාදියෙක් විය යුතු නැහැ.
කොළඹින් එපිට, දකුණු පළාතේ පාසලකින් එවන් දක්ෂතාවක් දැකගැනීමට හැකි වීම කොලඹින් එපිට සෑම පාසැලකටම ආදර්ශයක්.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

2024, 03, 15

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...