ඔහු සාමාන්‍ය, එනමුත් අති දක්ෂ ක්‍රීඩකයෙක් – ඔහු පැතුම් නිස්සංක නම් විය

Share post:

දිගින් දිගටම පළමු පෙල සාර්ථක වුනත්, කවදාවත් ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබුණු පුංචි ක්‍රීඩකයෙක් හිටියා.

ඔහු අතිශය ජනප්‍රියම පාසලක ක්‍රීඩකයෙක් නොවෙයි.

මාධ්‍ය බලය, මුදල් බලය, රසික බලය හෝ කිසිවක් තිබුණෙත් නැහැ.

ඔහුගේ දෙමාපියන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ සබඳතා තිබුනෙත් නැහැ.

ඔහු සාමාන්‍ය, එනමුත් අති දක්ෂ ක්‍රීඩකයෙක් පමණයි.

නමුත් පළමු පෙල ක්‍රීඩාව පිළිබඳ අවදානයෙන් හිටපු රසිකයන් සුලුතරයක් ඔහු ගැන කතා කළා.

ඔහු ගැන ලිව්වා. පෝස්ට් හැදුවා.
එනමුත් බලධාරීන්ට හෝ තේරීම් කමිටුවට ඒවා ඇහුනේ නැහැ.
ඇහුනත් නොඇහුනා සේ සිටියා.
අවසානයේ ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි වූ, බලවතුන් කිහිපදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවුණා.
ඒ වෙනුවට තාවකාලිකව ආදේශකයන් කණ්ඩායමට අවශ්‍ය වුණා.
ඔවුන් කණ්ඩායමේ ස්ථිර සැලසුමේ කොටසක් වුණේ නැහැ.
බලවතුන් නැවතත් කණ්ඩායමට පැමිණෙන තුරු තාවකාලිකව ලබා දෙන ස්ථානයක් පමණයි.
ඔවුන් භාවිතා කර, විසි කිරීමට සුදානම් වූ ක්‍රීඩකයන් පමණයි.
එලෙස හිස් වූ ස්ථානයකට මේ කුඩා ක්‍රීඩකයාටත් අවස්තාවක් හිමි වුණා.
අදින් වසර තුනකට පෙර, 2021 වසරේ මාර්තු මාසයේ ඔහුට ජාතික කණ්ඩායමේ අවස්තාව හිමි වුණා.
කළුතර බෝධිය අසල මල් විකිණූ දෙමාපිය යුවලකට දාව උපත ලද, කළුතර විද්‍යාලයට ක්‍රීඩා කළ ඔහු පැතුම් නිස්සංක නම් ක්‍රීඩකයෙක්.
ඉතින් ප්‍රිය මිතුරනි,

එතැන් පටන් සිදු වූ සියල්ලටම අප ඉතිහාසය යැයි කියනවා.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

  2024. 03. 15

Related articles

මහවැලි ඉවුර – අඹන් ගඟ ආපදාවෙන් යළි නැඟිටියි !

‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී. මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන...

අවසන් ගමන යන තැනත් – ජීවිත ගොඩනගන තැනක් !

කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන...

ළහිරු දෙද්දුවකුමාරගේ “සංස්පර්ශ”

අපේක්ෂා දනවන කවියකුගේ ආගමනය. මෙතෙක් අන් විවිධ මාධ්‍යවලින් අපට මුණගැසුණ ළහිරු දෙද්දුවකුමාර කවියා, දැන් සිය ප්‍රථම කාව්‍ය එකතුව පාඨකයන්ට...

කතන්දර පොතින් මතුවන කතන්දරය

ළමා නිර්මාණ සෘජුවම ළමා මනෝවිද්‍යාව හා සම්බන්ධ වූවක් වන අතර එය අධ්‍යාපන මූලධර්මයන්ට ද අදා‍ළ ය. ළමුන් වෙනුවෙන්...