ඔහු සාමාන්‍ය, එනමුත් අති දක්ෂ ක්‍රීඩකයෙක් – ඔහු පැතුම් නිස්සංක නම් විය

Share post:

දිගින් දිගටම පළමු පෙල සාර්ථක වුනත්, කවදාවත් ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබුණු පුංචි ක්‍රීඩකයෙක් හිටියා.

ඔහු අතිශය ජනප්‍රියම පාසලක ක්‍රීඩකයෙක් නොවෙයි.

මාධ්‍ය බලය, මුදල් බලය, රසික බලය හෝ කිසිවක් තිබුණෙත් නැහැ.

ඔහුගේ දෙමාපියන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ සබඳතා තිබුනෙත් නැහැ.

ඔහු සාමාන්‍ය, එනමුත් අති දක්ෂ ක්‍රීඩකයෙක් පමණයි.

නමුත් පළමු පෙල ක්‍රීඩාව පිළිබඳ අවදානයෙන් හිටපු රසිකයන් සුලුතරයක් ඔහු ගැන කතා කළා.

ඔහු ගැන ලිව්වා. පෝස්ට් හැදුවා.
එනමුත් බලධාරීන්ට හෝ තේරීම් කමිටුවට ඒවා ඇහුනේ නැහැ.
ඇහුනත් නොඇහුනා සේ සිටියා.
අවසානයේ ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි වූ, බලවතුන් කිහිපදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවුණා.
ඒ වෙනුවට තාවකාලිකව ආදේශකයන් කණ්ඩායමට අවශ්‍ය වුණා.
ඔවුන් කණ්ඩායමේ ස්ථිර සැලසුමේ කොටසක් වුණේ නැහැ.
බලවතුන් නැවතත් කණ්ඩායමට පැමිණෙන තුරු තාවකාලිකව ලබා දෙන ස්ථානයක් පමණයි.
ඔවුන් භාවිතා කර, විසි කිරීමට සුදානම් වූ ක්‍රීඩකයන් පමණයි.
එලෙස හිස් වූ ස්ථානයකට මේ කුඩා ක්‍රීඩකයාටත් අවස්තාවක් හිමි වුණා.
අදින් වසර තුනකට පෙර, 2021 වසරේ මාර්තු මාසයේ ඔහුට ජාතික කණ්ඩායමේ අවස්තාව හිමි වුණා.
කළුතර බෝධිය අසල මල් විකිණූ දෙමාපිය යුවලකට දාව උපත ලද, කළුතර විද්‍යාලයට ක්‍රීඩා කළ ඔහු පැතුම් නිස්සංක නම් ක්‍රීඩකයෙක්.
ඉතින් ප්‍රිය මිතුරනි,

එතැන් පටන් සිදු වූ සියල්ලටම අප ඉතිහාසය යැයි කියනවා.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

  2024. 03. 15

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...