මේක කලිනුත් සිද්ධ වෙලා තියෙනවා හැබැයි මීට වඩා වෙනස් වෙලාවක!

Share post:

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලිකාර ජයග්‍රහණයක් පෙරේදා වාර්තා වුණා. ඒ සිව් වරක් ලෝක ශූරතාවය දිනාගෙන ඉන්න ජර්මනිය පරාජයට පත් කරලා ජපානය ජයග්‍රහණය කිරීම. මේ ජයග්‍රහණයෙන් පස්සෙ ජපන් ජාතිකයෝ ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කළා විතරක් නෙමෙයි ජපන් ක්‍රීඩකයෝ තමන්ගේ ක්‍රීඩක විවේකාගාරයත් කුණු බිඳක් වත් නැතිවෙන විදිහට පිරිසිදු කරලා ගියේ.

2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේදී තරග වැදුණේ බෙල්ජියම සහ ජපානය. තරගයේ දෙවනි අර්ධයේ දී එක් අවස්ථාවක ගෝල 2-0 ක් විදිහට ජපානය තරගයේ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඒ වෙද්දි ලෝකයේ අංක 1 පාපන්දු කණ්ඩායම වුණ බෙල්ජියම අවසන් විනාඩියේදී කම්බැක් එකක් සම්පූර්ණ කරලා මේ මැච් එක 3-2 ක් විදිහට ජයග්‍රහණය කළා.

මේ ජයග්‍රහණයත් එක්ක ජපානයට ලෝක කුසලානයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. 2-0 ක් විදිහට ඉදිරියෙන් ඉඳලා ලැබුණ මේ පරාජය ක්‍රීඩාංගනයේ හිටපු ජපන් ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයොත් හඬවන්න සමත් වුණා. කොටින්ම සෑහෙන වෙලාවක් යනකන් මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණ ජපන් ක්‍රීඩකයෝ තැන තැන වැටිලා හිටියා.

ඒ තරම් අනපේක්ෂිත හිත් රිදවපු පරාජයක් ලබලා තිබුණත් ප්‍රේක්ෂකාගාරයේ තිබුණ හැම කුණු බිඳක්ම එකතු කරන්න ජපන් ප්‍රේක්ෂකයෝ කටයුතු කළා. ක්‍රීඩා විවේකාගාරයට ඇවිත් එතන සුද්ධ කරපු ජපන් ක්‍රීඩකයෝ, එදා තමන් ලෝක කුසලානයෙන් ඉවත් වන බව දැනගෙන හිටපු නිසා රුසියානු භාෂාවෙන් ‘ස්තූතියි’ කියලා සටහනක් තියලා යන්නත් අමතක කළේ නෑ.

ශාමින්ද ජයරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...