පොලිස් නඩුව ප්‍රතික්ෂේපයි : මහාධිකරණයට අභියාචනයක් !

Share post:

සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ පෞද්ගලික නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට එහි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (25) නියෝග කළේය.

මෙම නඩුව අද පෙරවරු 9.50ට පමණ කැඳවූ අවස්ථාවේ චූදිතයන් ලෙස නම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයකු ඇතූළු නීතිඥ මඩුල්ලක් ද, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥ  ශමින්ද වික්‍රම ද පෙනීසිටියහ. 

පැමිණිලිකරු වූ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ උපදෙස් මත නීතිඥ තනුක මාධව නන්දසිරි, නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා, නීතිඥ ජගත් කුලරත්න, නීතිඥ ඉනේකා හෙන්දාවිතාරණ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනීසිටියහ.

නීතිපති අවසර නොගැනීම 

නඩුවට අදාළ නියෝගයේ අවසාන කොටස අධිකරණයේ දී ප්‍රකාශයට පත් කළ අතර, එමගින් කියවුණේ නීතිපතිවරයාගේ අවසරය නොගැනීම බලවත් නීතිමය දෝෂයක් සේ සලකමින් නඩුව ප්‍රතික්ෂේප කරන බවයි. 

මහාධිකරණයට අභියාචනයක් 

මෙම නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට අභියාචනයක් කිරීමට සූදානම් බව පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරන නීතිඥවරු පැවසූහ.

නීතිපති හැසිරීම

මෙම නඩුවේ මුල් අවස්ථාවේදී කරුණු සලකා බැලූ අධිකරණය චූදිතයන් ලෙස නම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය. ඉන්පසු ව, එනම් නොවැම්බර් 01දා නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ ශමින්ද වික්‍රම පැමිණිලි පාර්ශ්වයට හෝ ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් නොදී ඒක පාර්ශ්විකව මෝසමක් මගින් නඩුව කැඳවමින් සිතාසි යළි කැඳවන ලෙස කළ ඉල්ලීමක් අනුව සිතාසි යළි කැඳවා තිබිණි.

බරපතළ වරදක්

පසුව නොවැම්බර් 02දා නීතිපතිවරයාට ද දැනුම්දීමක් කරමින් මෝසමක් මගින් නඩුව කැඳවූ පැමිණිලි පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම වැරදි බව පෙන්වා දුන් අතර, නොවැම්බර් 08දා යළි සියලුම පාර්ශ්ව කරුණු දැක්වීම සිදු විය.

නඩුව කුමක්ද ?

සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් විරෝධතාවකදී අයුතු අවහිරයක් කළ බවට, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගම⁣යේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ සම්පූර්ණ තීන්දුව පිළිබඳ විග්‍රහයක් www.thetime.lk ඔස්සේ බලාපොරොත්තු වන්න !

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...