පොලිසියට සහ ජනතාවට බාධාකිරීමේ චෝදනාවට විත්තිකරුවන් කළ අරගලකරුවන් 13ක් නිදොස් කොට නිදහස් !

Share post:

ජන අරගලය පැවති 2022 වසරේ සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි පිරිසක් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබේ.

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටි එම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර අද (05) නියෝග කළාය.

2022 මැයි 04 දින රටේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාර දීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනකු මෙසේ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලිසියේ රඳවා තබා ගනිමින් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13  වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ. සංවිධානාත්මකව අයුතු ජන රාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම , පොලිසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් එල්ල කරමින් මෙම සැකකරුවන් වෙත පොලිසිය මගින් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...