පොලිසියට සහ ජනතාවට බාධාකිරීමේ චෝදනාවට විත්තිකරුවන් කළ අරගලකරුවන් 13ක් නිදොස් කොට නිදහස් !

Share post:

ජන අරගලය පැවති 2022 වසරේ සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි පිරිසක් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබේ.

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටි එම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර අද (05) නියෝග කළාය.

2022 මැයි 04 දින රටේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාර දීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනකු මෙසේ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලිසියේ රඳවා තබා ගනිමින් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13  වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ. සංවිධානාත්මකව අයුතු ජන රාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම , පොලිසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් එල්ල කරමින් මෙම සැකකරුවන් වෙත පොලිසිය මගින් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...