මහජන ආරක්ෂක අමාත්‍යංශයට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

Share post:

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද (05) මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මනුෂිකා කුරේ මහත්මිය විරෝධය පළකළාය.

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි නිලධාරීන්ට චෝදනා පත්‍ර දීම ගැන තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යංශය මුදා නොහැරීමට අදාලව සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් තොරතුරු කොමිසමට මෙම මුල් අභියාචනය ගොනු කර තිබිණි.

අභියාචනය විභාග කර අදාල තොරතුරු එම අමාත්‍යංශයේ නොමැති බවට තොරතුරු කොමිසම කළ තීන්දුව නීතියට පටහැනි බැවින් එම තීන්දුව ඉවත් කර තොරතුරු මුදි හැරීමට නියෝග කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කර තිබිණි.

අද මෙම අභියාචනා පෙත්සම විනිසුරු ඩී.එම්. සමරකෝන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම මෙහි අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය තොරතුරු කොමිසම මෙම නඩුවට මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පල කළාය.

තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව ලැබෙන අභියාචනා සඳහා කොමිසම මැදිහත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවලදී එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා කෙසේ වෙතත් අදාල ලේඛන ගොනු කිරීමට සඳහා කොමිසමට දින ලබා දුන්නේය. එම ලේඛණ ගොනු කිරීමෙන් පසු ඊට විරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කාර මාධ්‍යවේදියාට ද දින ලබා දුන් අධිකරණය පෙත්සම කැඳවීම ජුනි මාසය තෙක් කල්තැබිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එහි පළමු වගඋත්තරකරු වූ මහජන ආරක්ෂක අමාත්‍යංශට නියෝග කර තිබුණද එම අමාත්‍යංශ අද දිනයේද පෙනී සිටියේ නැත. ඒ අනුව ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමටද නියෝග කෙරිණි.

තොරතුරු දැන ගැනීමේ කොමිසම සිය තීන්දුව ලබා දෙද්දී පනතේ ප්‍රතිපාදන මෙන්ම කොමිසම විසින්ම සකස් කරන ලෙස රීති ද උල්ලංඝනය කර ඇතැයි ද, කොමිසම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැතැයි ද තරිඳු ජයවර්ධන සිය පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...