මහජන ආරක්ෂක අමාත්‍යංශයට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

Share post:

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද (05) මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මනුෂිකා කුරේ මහත්මිය විරෝධය පළකළාය.

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි නිලධාරීන්ට චෝදනා පත්‍ර දීම ගැන තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යංශය මුදා නොහැරීමට අදාලව සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් තොරතුරු කොමිසමට මෙම මුල් අභියාචනය ගොනු කර තිබිණි.

අභියාචනය විභාග කර අදාල තොරතුරු එම අමාත්‍යංශයේ නොමැති බවට තොරතුරු කොමිසම කළ තීන්දුව නීතියට පටහැනි බැවින් එම තීන්දුව ඉවත් කර තොරතුරු මුදි හැරීමට නියෝග කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කර තිබිණි.

අද මෙම අභියාචනා පෙත්සම විනිසුරු ඩී.එම්. සමරකෝන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම මෙහි අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය තොරතුරු කොමිසම මෙම නඩුවට මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පල කළාය.

තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව ලැබෙන අභියාචනා සඳහා කොමිසම මැදිහත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවලදී එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා කෙසේ වෙතත් අදාල ලේඛන ගොනු කිරීමට සඳහා කොමිසමට දින ලබා දුන්නේය. එම ලේඛණ ගොනු කිරීමෙන් පසු ඊට විරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කාර මාධ්‍යවේදියාට ද දින ලබා දුන් අධිකරණය පෙත්සම කැඳවීම ජුනි මාසය තෙක් කල්තැබිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එහි පළමු වගඋත්තරකරු වූ මහජන ආරක්ෂක අමාත්‍යංශට නියෝග කර තිබුණද එම අමාත්‍යංශ අද දිනයේද පෙනී සිටියේ නැත. ඒ අනුව ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමටද නියෝග කෙරිණි.

තොරතුරු දැන ගැනීමේ කොමිසම සිය තීන්දුව ලබා දෙද්දී පනතේ ප්‍රතිපාදන මෙන්ම කොමිසම විසින්ම සකස් කරන ලෙස රීති ද උල්ලංඝනය කර ඇතැයි ද, කොමිසම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැතැයි ද තරිඳු ජයවර්ධන සිය පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...