නිහඬ වීරයා කුසල් මෙන්ඩිස්

Share post:

බංග්ලාදේශයට තිබූ ලකුණු 207ක දැවැන්ත ඉලක්කය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වගකීම් විරහිත පන්දු යැවීම හමුවේ පහසු ඉලක්කයක් දක්වා වර්ධනය වූයේ සිලෙට් ක්‍රීඩාංගණයේ සිටි දහස් ගණනක් බංග්ලාදේශ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්. අවසන් පන්දු වාරයට බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යව තිබූ නමුත් දසුන් ශානක⁣ගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 206න් ලකුණු 19ක්ම අතිරේක ලකුණු වීම ඛේදවාචකයක්. ඉන් 14ක්ම වයිඩ් පන්දු වන අතර 3ක් නිපන්දු වේ. තවමත් ජාත්‍යන්තර 20යි 20 තරග 5ක පමණක් අත්දැකීම් අැති ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේදී දස්කම් අතර සිටි මතීෂ පතිරණ අති⁣⁣රේක ලකුණු වැඩි ප්‍රමාණයක අද දිනයේ වගකිවයුත්තා බවට පත් වුණා. ඔහු ක්‍රියාත්මක කළ 11 වැනි පන්දුවාරයේදී බංග්ලාදේශයට ලකුණු 20ක්ම පූජා කළේ ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු තව තවත් වැඩි කරමින්.

මෙතරම් අතිරේක ලකුණු ලබා දෙද්දිත් තරගයේ 17 වැනි සහ 19වැනි පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වගකීම නායක චරිත් අසලංක වෙතම මතීෂ පැවරුවේ අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස්ට තවත් පන්දුවාරයක් පවා ඉතිරිව තිබියදීම. තරගය අතරතුර කකුලේ ආබාධයකට ලක් වුණත් මතීෂ සිය පන්දුවාර 4ම යවා නිම කිරීමට සමත් වුණේ ප්‍රතිවාදීන්ට ලකුණු 56ක් ලබා දී ඔවුන්ගේ එක් කඩුල්ලක් පමණක් උදුරා ගනිමින්ය. මෙතරම් වයිඩ්, නෝ බෝල් යවන ගැටලුව මතීෂට ඉදිරි තරගවලට යනවිට විසඳාගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පිල වැටෙන්නේ විශාල අමාරුවක බවනම් නොරහසක්. බංග්ලාදේශය සමග මෙහෙම සෙල්ලම් දැම්මත් ඉදිරියේදී එන 20යි 20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට පහසු වන්නේ නැත.

ඊයේ (04) තරගය පැවති සිලෙට්හී තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් සිදුවූ අඩුපාඩු සුළුකොට තැකිය නොහැකිය. කඩුල්ල පිටුපස සිටි කුසල් මෙන්ඩිස් කුරුල්ලෙක් මෙන් පියඹා ගොස් දැවැන්ත වයිඩ් පන්දු අල්ලා ගත්තේ නැත්නම් ශ්‍රී ලංකා ඉරණම මීට වඩා වෙනස් වන්න⁣ට තිබුණා. ඔහුගේ විශිෂ්ට කඩුලු රැකීම හමුවේ බංග්ලාදේශයට ලැබීමට තිබූ ලකුණු 10ක් 15ක් පමණ නවතා දැමීමට කුසල් මෙන්ඩිස්ට හැකිවුණා. ඇත්තටම එය පැසසියම යුතු කඩුලු රැකීමක්.

ශ්‍රී ලංකාවේ පන්දු යැවීම හමුවේ විටෙක ලකුණු 68ක⁣ට කඩුලු 4ක් ලබා සිටි බංග්ලාදේශයට ශක්තිමත් අඩිතාලමක් වැටුණේ අප යැවූ නිපන්දු සහ වයිඩ් පන්දු හේතුවෙන්. මහමදුල්ලා, ජේකර් අලි වැනි පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරවලට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගොඳුරු වීමට සිදු වුණා.

සිලෙට් ක්‍රීඩාංගණයට රාත්‍රියට දැඩි පින්නක් පතිත වන බැවින් එහි වාසිය තමන් වෙත හරහා ගැනීමේ අරමුණින් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජිමුල් ෂැන්ටෝ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට ආරාධනා කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 37ක් තුළ දැවී යාමෙන් පසු කල්පනාකාරීව පන්දුවට පහර දුන් සදීර සමරවික්‍රම සහ කුසල්⁣ මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැංවීමට සමත් වුණා. සුපිරි ඉනිමක් දියත් කළ මෙන්ඩිස් පන්දු 36ක් තුළ ලකුණු 59ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක්ද සමගින්.

අනතුරුව පිටියට පිවිසි අද තරගයේ නායක චරිත් අසලංක අද්විතීය ඉනිමක් ක්‍රීඩා කරා. බංග්ලාදේශ පන්දු යවන්නන්ට එළව, එළවා පිටිය සිසාරා පහර දුන් අසලංක පන්දු 21ක් තුළ නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේ හයේ පහරවල්ම පමණක් 6ක් එල්ල කරමින් වීම විශේෂත්වයක්. අසලංකට අනගි සහයක් දුන් සදීර පන්දු 48කින් නොදැවි ලකුණු 61ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාර 4ට ශ්‍රී ලංකාව ලකුණු 64ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමට බංග්ලාදේශ පන්දුයවන්නන් ද අතිරේක ලකුණු 19ක් ද ලබා දුන්නා. ඇත්තටම මෙම තරගයේ තීරණාත්මක සාධකය බවට පත් වූයේ අතිරේක ලකුණු වීම විශේෂත්වයක්.

තරගය පුරාවට ඉනිම් දෙකේදීම පන්දුවාර 40 තුළ ලකුණු 409ක් වාර්තා වුණේ කඩුලු 11ක් බිඳ වැටෙමින්. දෙපිලේම පන්දු යවන්නන් ලබාදුන් අතිරේක ලකුණු ගණන 38ක් වීමත් විශේෂත්වයක්.

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...