රාවයට, වික්ටර් අයිවන්ට සහ විමලනාත්ට නඩු

Share post:

රාවය(ගරන්ටි)පුද්. සමාගම මගින් ප්‍රකාශයට පත් කළ රාවය පුවත්පත මුද්‍රණය කිරීම නවත්වා එහි දේපළ විකිණීමට යත්න දැරීමට එරෙහිව, රාවයේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පිරිසක් නඩු පැවරීම සඳහා මේ වනවිට අදාල වග උත්තරකරුවන්ට එන්තරවාසි එවා තිබේ.

රාවය පුවත්පත වැඩිදියුණු කිරීමට දායක වූ ලංකාවේ කීර්තිමත් පිරිසක් මෙම නඩුවේ පැමිණිලිකරුවන් බවට දැක්වෙන අතර රාවය සභාපති වික්ටර් අයිවන්, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
2013/2014 වසර වලදී රාවය සමාගමේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පුද්ගලයින් 476 දෙනෙකු ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් මෙම නඩුව පැවරීමට නියමිත අතර රාවය වඩාත් දියුණු ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ භාර ගිවිසුම වග උත්තරකරුවන් විසින් කඩ කර තිබීම නඩුවේ නිමිත්ත බවද දැනගන්නට තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...