රාවයට, වික්ටර් අයිවන්ට සහ විමලනාත්ට නඩු

Share post:

රාවය(ගරන්ටි)පුද්. සමාගම මගින් ප්‍රකාශයට පත් කළ රාවය පුවත්පත මුද්‍රණය කිරීම නවත්වා එහි දේපළ විකිණීමට යත්න දැරීමට එරෙහිව, රාවයේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පිරිසක් නඩු පැවරීම සඳහා මේ වනවිට අදාල වග උත්තරකරුවන්ට එන්තරවාසි එවා තිබේ.

රාවය පුවත්පත වැඩිදියුණු කිරීමට දායක වූ ලංකාවේ කීර්තිමත් පිරිසක් මෙම නඩුවේ පැමිණිලිකරුවන් බවට දැක්වෙන අතර රාවය සභාපති වික්ටර් අයිවන්, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
2013/2014 වසර වලදී රාවය සමාගමේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පුද්ගලයින් 476 දෙනෙකු ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් මෙම නඩුව පැවරීමට නියමිත අතර රාවය වඩාත් දියුණු ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ භාර ගිවිසුම වග උත්තරකරුවන් විසින් කඩ කර තිබීම නඩුවේ නිමිත්ත බවද දැනගන්නට තිබේ.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...