මනෝජ් ප්‍රභාකර්ට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහටම අහිමිකළ තරගය

Share post:

සනත් ජයසූරිය විසින් මනෝජ් ප්‍රභාකර් ගේ ක්‍රීඩා දිවිය අවසන් කළේ 1996 වසරේ අද වැනි දිනකයි.
1996 ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මාර්තු දෙවෙනිදා දිල්ලි හීදි පැවැත්විණි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර පනහ අවසානයේ ලකුණු 271ක් රැස් කළ අතර එය සචින් තෙන්දුල්කාර් මත යැපුණු ඉනිමකි.
සචින් පන්දු 137කින් ලකුණු 137ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රහාරය කිසිසේත්ම එවකට ක්‍රිකට් ක්‍රීඩාවට සාමාන්‍ය ප්‍රහාරයක් නොවීය.
දශකයක් තිස්සේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු වූ මනෝජ් ප්‍රභාකර් ගේ පළමු පන්දුවාර දෙකට ශ්‍රී ලංකාව ලකුණු 33ක් උදුරා ගත්තේය.
ඉන්පසුව ඔහු දඟ පන්දු යැවීමටත් කටයුතු කළේය.

දිල්ලි ක්‍රීඩා පිටිය පිරී සිටි ඉන්දීය රසිකයන් එදා ප්‍රභාකර් ට හූ කීවේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4ක් තුල කඩුලු හතරක් දැවී ඉලක්කය පසුකර ගිය අතර සනත් ජයසූරිය ලකුණු 79ක් රැස් කළේය.
මනෝජ් ප්‍රභාකර් ඊළග තරගයේ දී විවේක ගැන්වූ අතර ඉන්පසුව ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්තාවක් ඔහුට හිමි වූයේ නැත.

1984 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සාජා හිදී එක්දින වරම් දිනූ ප්‍රභාකර්, 1996 වසරේ දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිවම සිය අවසන් තරගය ක්‍රීඩා කිරීමත් විශේෂත්වයකි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...