මනෝජ් ප්‍රභාකර්ට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහටම අහිමිකළ තරගය

Share post:

සනත් ජයසූරිය විසින් මනෝජ් ප්‍රභාකර් ගේ ක්‍රීඩා දිවිය අවසන් කළේ 1996 වසරේ අද වැනි දිනකයි.
1996 ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මාර්තු දෙවෙනිදා දිල්ලි හීදි පැවැත්විණි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර පනහ අවසානයේ ලකුණු 271ක් රැස් කළ අතර එය සචින් තෙන්දුල්කාර් මත යැපුණු ඉනිමකි.
සචින් පන්දු 137කින් ලකුණු 137ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රහාරය කිසිසේත්ම එවකට ක්‍රිකට් ක්‍රීඩාවට සාමාන්‍ය ප්‍රහාරයක් නොවීය.
දශකයක් තිස්සේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු වූ මනෝජ් ප්‍රභාකර් ගේ පළමු පන්දුවාර දෙකට ශ්‍රී ලංකාව ලකුණු 33ක් උදුරා ගත්තේය.
ඉන්පසුව ඔහු දඟ පන්දු යැවීමටත් කටයුතු කළේය.

දිල්ලි ක්‍රීඩා පිටිය පිරී සිටි ඉන්දීය රසිකයන් එදා ප්‍රභාකර් ට හූ කීවේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4ක් තුල කඩුලු හතරක් දැවී ඉලක්කය පසුකර ගිය අතර සනත් ජයසූරිය ලකුණු 79ක් රැස් කළේය.
මනෝජ් ප්‍රභාකර් ඊළග තරගයේ දී විවේක ගැන්වූ අතර ඉන්පසුව ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්තාවක් ඔහුට හිමි වූයේ නැත.

1984 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සාජා හිදී එක්දින වරම් දිනූ ප්‍රභාකර්, 1996 වසරේ දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිවම සිය අවසන් තරගය ක්‍රීඩා කිරීමත් විශේෂත්වයකි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...