ජාත්‍යන්තර ටෙලිනාට්‍ය ලෝකය කළඹන නවතම ජපන් ටෙලි නාට්‍ය කුමක්ද ?

Share post:

එනම් ඒ, Shōgun – 2024 ජපන් ථෙතිහාසික ටෙලිනාට්‍ය ය යි. මධ්‍යකාලීන ජපන් ඉතිහාසයේ සමුරායි රණගූරයන්ගේ වීරත්වය මතින් දිවෙන කතාපුවතක් පසුබිම්ව නිර්මිත මෙම ථෙතිහාසික ටෙලිනාට්‍යය ඇමෙරිකාවේ Hulu : FX රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම පසුගිය 2024 පෙබරවාරි මස 24 වැනිදින සිට ආරම්භ කරන ලදි.

දැනට ඉතා ඉහළින්ම ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගැනීමට සමත්ව තිබෙන Shōgun ථෙතිහාසික ටෙලිනාට්‍යය ‍තරු පහේ එනම්, ඉහළම වර්ගීකරණයට ලක්කර ඇත්තේ ය .

මෙහි මා දකින් සුවිශේෂීත්වය වනුයේ ජපානයේ නිර්මිත අති-දැවැන්ත ටෙලිනාට්‍ය අරබයා ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපයේ ඇති උනන්දුවයි . මෙය මට සිහියට නංවන ලද්දේ ජපන් මහා චිත්‍රපටය අධ්‍යක්ෂක අකිර කුරසොවා ( Akira Kurosawa /Japanese filmmaker and painter ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Seven Samurai – 1954 චිත්‍රපටය විසින් එළි පෙහෙළි කරන ලද මංපෙත ඔස්සේ වර්තමානයේ දී ජපන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් ද ජාත්‍යන්තරය දක්වා ඉතා සාර්ථක ගමනක් පැමිණ ඇති බවයි.
මෙය බ්‍රිතාන්‍ය ජාතික ලේඛක James Clavell s විසින් රචිත Shōgun නවකතාව පසුබිම් කරගෙන නිර්මාණය වූවකි.

Shōgun හි දත්ත සටහන

First episode date:
February 27, 2024 (USA)
Adapted from: Shōgun

Executive producers:
Edward L. McDonnell; Justin Marks; Rachel Kondo; Andrew Macdonald; Allon Reich; Michael De Luca; Michaela Clavell

Network: Hulu; FX

Original languages:
English; Japanese

Production companies:
Gate 34; Michael De

සටහන
කඩයකින් උඩරට මුල් ඇඳුමක් රැගෙන විත් නළුවකුට අන්ඳවා හෝ ගොන් කරන්තයක් පාලු පාරක ගමන් කරනවා පෙන්නා හෝ එසේත් නැතිනම් මොරිස් මයිනර් කාර් එකක් පාරක ගමන් කරනවා පෙන්වා හෝ ථෙතිහාසික ටෙලිනාට්‍ය යැයි කියා.මෙරට ගෘහස්ථ ප්‍රේක්ෂකාගාරය රැවැට්ටීම එදාමෙදාතුර ගජරාමෙට සිදුවන්නකි. එවන් තුට්ටු දෙකේ ටෙලිනාට්‍ය නිර්මාණය කරන මෙරට බහුතර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට සැබවින්ම ථෙතිහාසික ශානරයේ ටෙලි නාට්‍යයක් යනු කුමක්ද යන්න දැනකියා ගැනීමට මෙය කදිම අවස්ථාවක් යැයි මම සිතමි. ඔවුන්ගේ නැණ-පහණ දැල්වේවා !!.
මෙරට ශෘහස්ථ ප්‍රේක්ෂකාගාරය මෙවන් ජාත්‍යන්තර ටෙලිනාට්‍ය නරඹන දවසක මෙරට ඇතැම් ටෙලිනාට්‍යකරුවන්ට “අනේ සරණා” .. යැයි කියැවෙනු ඇත.
සාමාන්‍ය ජනවහරෙන් කියනවා නම්’ “ථෙතිහාසික ටෙලිනාට්‍ය නම් ථෙතිහාසික ටෙලිනාට්‍ය තමයි මේවා” !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...