ඉන්දීය විරෝධය ජයගනී : ආන්දෝලනාත්මක චීන නැව මාලදිවයිනේ නතර වෙයි !

Share post:

ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රැසක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීනයේ Xiang Yang Hong 3 නම් පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නෞකාව ලංකාවට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ ඉන්දියාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඉන්පසු වසරක කාලයක් සඳහා කිසිදු පර්යේෂණ නෞකාවකට මෙරටට පැමිණීම තහනම් කරමින් රජය විසින් තීරණයක් ගත් බව මාධ්‍ය වාර්තා කළද, එය නිල වශයෙන් ප්‍රකාශ නොකෙරිණි. මේ පසුබිම යටතේ Xiang Yang Hong 3 නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වූ අතර, එය මාලදිවයින දක්වා යාත්‍රා කර තිබේ.

මේ නෞකාවේ පැමිණීම සිය ජාතික ආරක්ෂාවට බරපතළ ගැටළුවක් බව දක්වමින් ඉන්දියාව ඊට දැඩි විරෝධය දක්වා තිබිණි. එම නෞකාව මේ වසරේ ජනවාරි 05දා සිට මැයි මාසය දක්වා මෙරට සාගර කලාපය ආශ්‍රිත දකුණු ඉන්දීය සාගර කලාපයේ සහ මාලදිවයින් ගවේෂණ කටයුතුවල නිරතවීමට සැලසුම් කර තිබිණි.
ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනෙන් චීනය ඉල්ලා තිබුණේ මෙම නෞකාවට පැමිණීමට අවසර දෙන ලෙසයි. ඒ බව වාර්තාවීමත් සමග පසුගිය දෙසැම්බර් 17දා හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති බවයි. එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනෙන් ඉල්ලා තිබුණේ මේ සඳහා අවසර ලබානොදෙන ලෙසයි.

Related articles

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...