ඉන්දීය විරෝධය ජයගනී : ආන්දෝලනාත්මක චීන නැව මාලදිවයිනේ නතර වෙයි !

Share post:

ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රැසක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීනයේ Xiang Yang Hong 3 නම් පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නෞකාව ලංකාවට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ ඉන්දියාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඉන්පසු වසරක කාලයක් සඳහා කිසිදු පර්යේෂණ නෞකාවකට මෙරටට පැමිණීම තහනම් කරමින් රජය විසින් තීරණයක් ගත් බව මාධ්‍ය වාර්තා කළද, එය නිල වශයෙන් ප්‍රකාශ නොකෙරිණි. මේ පසුබිම යටතේ Xiang Yang Hong 3 නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වූ අතර, එය මාලදිවයින දක්වා යාත්‍රා කර තිබේ.

මේ නෞකාවේ පැමිණීම සිය ජාතික ආරක්ෂාවට බරපතළ ගැටළුවක් බව දක්වමින් ඉන්දියාව ඊට දැඩි විරෝධය දක්වා තිබිණි. එම නෞකාව මේ වසරේ ජනවාරි 05දා සිට මැයි මාසය දක්වා මෙරට සාගර කලාපය ආශ්‍රිත දකුණු ඉන්දීය සාගර කලාපයේ සහ මාලදිවයින් ගවේෂණ කටයුතුවල නිරතවීමට සැලසුම් කර තිබිණි.
ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනෙන් චීනය ඉල්ලා තිබුණේ මෙම නෞකාවට පැමිණීමට අවසර දෙන ලෙසයි. ඒ බව වාර්තාවීමත් සමග පසුගිය දෙසැම්බර් 17දා හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති බවයි. එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනෙන් ඉල්ලා තිබුණේ මේ සඳහා අවසර ලබානොදෙන ලෙසයි.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...