ඕනෑම ක්‍රීඩාවක විශිෂ්ට ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතෙදී උත්තර දෙනවා

Share post:

ජෝ රූට් අද බැට් කරන්න එනකොට තිබ්බ සිටුවේෂන් දෙකම සෑහෙන ප්‍රෙෂර් සිටුවේෂන් දෙකක්.
එකක් එංගලන්තයේ විකට් 2 ක් ගිහින් තුන්වෙනි එකත් ඒ ළඟම ගියා. පළවෙනි සෙෂන් එක ඉවර වෙද්දි විකට්ස් 5 ක් වැටිලා ඉවරයි. ඒ පළවෙනි ප්‍රෙෂර් සිටුවේෂන් එක.

දෙවනි එක වුණේ කලින් මැච් 3 ම ජෝ රූට් ලකුණු අතර නොසිටීම. විශේෂයෙන්ම ඔහු දැවී ගියේ අනවශ්‍ය පහරවල් වලට ගිහින්. තුන්වෙනි ටෙස්ට් මැච් එකේ රූට් අවුට් වුණ විදිහ සම්බන්ධයෙන් English Media දිගින් දිගටම පහර එල්ල කරන ගමන් හිටියේ. කොටින්ම තුන්වෙනි මැච් එකේ මොමෙන්ටම් එක එංගලන්තයෙන් ගිලිහුණේ රූට් ගේ විකට් එකෙන්.

ඒත් අද ඔලුව බිමට නමාගෙන ඉවසිල්ලෙන් ක්‍රීඩා කරන ජෝ රූට් ව දැකගන්නට ලැබුණා. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි Buzzball Concept එක ඇතුළේ වේගයෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රමයෙන් වැඩිම හානියක් වෙන්නේ රූට් ට කියන එක. අනිත් පිතිකරුවන් කොහොම කළත් ජෝ රූට් තමන්ගේ සුපුරුදු රෝල් එක ප්ලේ කරන්න ඕනි.

අද ඉක්මනින් විකට්ස් 5 ක් වැටුණ නිසා ඒ වගේ දෙයක් වුණේ නෑ. සුපුරුදු ජෝ රූට් ව දකින්න ලැබුණා. අද ඔහු තමන්ගේ 31 වන ටෙස්ට් ශතකය රැස් කළා. මේ ඉන්දියාවට එරෙහිව ඔහු ලබාගත් 10 වන ටෙස්ට් ශතකය. ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස් කරපු පිතිකරු වෙන්නත් අද ජෝ රූට් ට හැකියාව ලැබුණා.

Buzzball Concept එකෙන් රූට් ගේ උපරිමය ගන්න පුළුවන් විදිහ වෙන්නේ මේක. තමන්ට තිබුණ ප්‍රෙෂර් සිටුවේෂන් දෙකම හැන්ඩ්ල් කරගෙන ඉන්දියාවේදී ගහපු මේ ශතකය රූට් ගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමක් විදිහට සලකන්න පුළුවන්.

විශිෂ්ට ක්‍රීඩකයෝ කියලා සලකන්න පුළුවන් මේ වගේ අයට. මොකද ඕනෑම ක්‍රීඩාවක විශිෂ්ට ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතෙදී උත්තර දෙනවා. කටින් නෙමෙයි වැඩ වලින්

ශාමින්ද ජයරත්න

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...