ඕනෑම ක්‍රීඩාවක විශිෂ්ට ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතෙදී උත්තර දෙනවා

Share post:

ජෝ රූට් අද බැට් කරන්න එනකොට තිබ්බ සිටුවේෂන් දෙකම සෑහෙන ප්‍රෙෂර් සිටුවේෂන් දෙකක්.
එකක් එංගලන්තයේ විකට් 2 ක් ගිහින් තුන්වෙනි එකත් ඒ ළඟම ගියා. පළවෙනි සෙෂන් එක ඉවර වෙද්දි විකට්ස් 5 ක් වැටිලා ඉවරයි. ඒ පළවෙනි ප්‍රෙෂර් සිටුවේෂන් එක.

දෙවනි එක වුණේ කලින් මැච් 3 ම ජෝ රූට් ලකුණු අතර නොසිටීම. විශේෂයෙන්ම ඔහු දැවී ගියේ අනවශ්‍ය පහරවල් වලට ගිහින්. තුන්වෙනි ටෙස්ට් මැච් එකේ රූට් අවුට් වුණ විදිහ සම්බන්ධයෙන් English Media දිගින් දිගටම පහර එල්ල කරන ගමන් හිටියේ. කොටින්ම තුන්වෙනි මැච් එකේ මොමෙන්ටම් එක එංගලන්තයෙන් ගිලිහුණේ රූට් ගේ විකට් එකෙන්.

ඒත් අද ඔලුව බිමට නමාගෙන ඉවසිල්ලෙන් ක්‍රීඩා කරන ජෝ රූට් ව දැකගන්නට ලැබුණා. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි Buzzball Concept එක ඇතුළේ වේගයෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රමයෙන් වැඩිම හානියක් වෙන්නේ රූට් ට කියන එක. අනිත් පිතිකරුවන් කොහොම කළත් ජෝ රූට් තමන්ගේ සුපුරුදු රෝල් එක ප්ලේ කරන්න ඕනි.

අද ඉක්මනින් විකට්ස් 5 ක් වැටුණ නිසා ඒ වගේ දෙයක් වුණේ නෑ. සුපුරුදු ජෝ රූට් ව දකින්න ලැබුණා. අද ඔහු තමන්ගේ 31 වන ටෙස්ට් ශතකය රැස් කළා. මේ ඉන්දියාවට එරෙහිව ඔහු ලබාගත් 10 වන ටෙස්ට් ශතකය. ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස් කරපු පිතිකරු වෙන්නත් අද ජෝ රූට් ට හැකියාව ලැබුණා.

Buzzball Concept එකෙන් රූට් ගේ උපරිමය ගන්න පුළුවන් විදිහ වෙන්නේ මේක. තමන්ට තිබුණ ප්‍රෙෂර් සිටුවේෂන් දෙකම හැන්ඩ්ල් කරගෙන ඉන්දියාවේදී ගහපු මේ ශතකය රූට් ගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමක් විදිහට සලකන්න පුළුවන්.

විශිෂ්ට ක්‍රීඩකයෝ කියලා සලකන්න පුළුවන් මේ වගේ අයට. මොකද ඕනෑම ක්‍රීඩාවක විශිෂ්ට ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතෙදී උත්තර දෙනවා. කටින් නෙමෙයි වැඩ වලින්

ශාමින්ද ජයරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...