Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ

Share post:

දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් අංගයකි. එය වෛද්‍ය විද්‍යාව සහ පර්යේෂණ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම, විද්‍යාගාර සොයා ගැනීම් සායනික කටයුතු සඳහා යොදා ගැනීම සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වැදගත් වන නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳ දැනුම සපයයි. ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා සුදුසු අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වන අතර වසර 22ක් පුරා සෞඛ්‍ය වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් නිර්මාණය කර ඇති IIHS ආයතනය එවැනි ආයතනය එහිදී ඉදිරියෙන්ම සිටී. 2021 සහ 2022 වසරවලට අදාළ Guardian University නිර්ණායක විසින් Coventry විශ්ව විද්‍යාලය සහ IIHS ආයතනය වෘත්තීය අධ්‍යාපනය සඳහා විශිෂ්ට ඒකාබද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර ඉගැන්වීම් හා පහසුකම් සඳහා 5 QS Stars සහතිකයද ලබා ඇත.

මෙම උපාධි පාඨමාලාව Institute of Biomedical Science (IBMS) සහ Health and Care Professions Council (HCPC) යන ආයතනවල අනුමැතියද ලබා තිබේ. ඒ හරහා එහි ගුණාත්මක බව තහවුරු වන අතර පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට එක්සත් රාජධානියේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ. පුළුල් දැනුම සහ අත්දැකීම් සහිත විදේශීය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ද ඇතුළු ආචාර්ය මණ්ඩලයක් යටතේ පළමු දින පටන් උසස් තාක්ෂණයෙන් සහ නවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරවල ප්‍රයෝගික ඉගෙනුම් ක්‍රමවේද යටතේ වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් සහතික කිරීමට IIHS ආයතනය කටයුතු කරයි. ජාතික සෞඛ්‍ය සේවාවේ හෝ පෞද්ගලික අංශයේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හෝ ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තියක් වෙත යොමු වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන පරිදි මෙම වැඩසටහන සකසා ඇත. පර්යේෂණවල නියැලීමට සහ MSc හෝ PhD මට්ටමේ පාඨමාලා හැදෑරීමටද මෙමගින් අවස්ථාව ලැබේ. “වෛද්‍ය සහායකයන් ලෙස වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වන අයටත් මේ පාඨමාලාව හදාරන්න හැකියාව තිබෙනවා. විද්‍යාත්මක දැනුම සැපයීමට අමතරව මේ පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යාව හා සම්බන්ධ මෙන්ම රාජ්‍ය සේවයේ සහ කළමනාකරණ මට්ටමේ රැකියා සඳහා මෙම පාඨමාලාව ඉවහල් වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...