කවුද මේ බන්දුල සමන් වතුරේගම කියන්නෙ ?

Share post:

96 World Cup එකේ final එක මම “දැක්කේ” රේඩියෝ එකෙන්. සිංහල බසින් විස්තර විචාරය ගෙනාවේ ප්‍රේමසර ඈපාසිංහ සහ බන්දුල සමන් වතුරේගම. මට අද වගේ මතකයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ළංවෙද්දී විස්තර විචාරය කරගෙන ගියේ ඉංග්‍රීසි භාෂාවෙන්. නියම විදිහට සිංහල භාෂා විස්තර විචාරයට අවස්ථාව ලැබෙන්න තව ඕවර් තුනක් යවන්න ඕනි. ඒත් මේ වෙලාවේ බන්දුල සමන් වතුරේගම මයික් එක ඉංග්‍රීසි භාෂා විස්තර විචාරකයන්ගෙන් ඇදලා ගන්නවා. “අපිට මේ ජයග්‍රහණයේ පණිවිඩය මව් භාෂාවෙන් කියන්න දෙන්න” වගේ දෙයක් ඔහු කියනවා මට මතකයි. ඒ කාලෙත් රේඩියෝ එකේ ක්‍රිකට් විස්තර විචාරය් කරද්දී හතරේ පහරක් ගැහුවොත්, විකට් එකක් ගියොත් එතනදී ඇඩ් එකක් යනවා. “හතරේ පහරක්. ඒ හතරේ පහර ඔබ වෙත ගෙන ආවේ…..” “දැවීයාමක් ඔබත් ……….සමඟ නම් කවදාවත් දවාලිය නොහැකියි”. මේ විදිහට ඒ කාලේ ඇඩ් ගියා. දැනුත් එහෙම ඇති. මට හොඳට මතකයි එදා 96 World Cup එකේ final එකේ අපි ජයග්‍රහණයට ආසන්නව ඉද්දී බන්දුල සමන් වතුරේගම Radio එකේ producer ලා ගෙන් ගේම ඉල්ලනවා. “මේ වෙලාවේ ඇඩ් දාන්න එපා. අපිට මේක දිගටම කරගෙන යන්න අවස්ථාව දෙන්න” කියලා ඇත්තටම අපි අන්තිම ඕවර් තුන ඇහුවේ (බැලුවේ) ඇඩ් නැතුව. අනූ ගණන්වල ඉඳලා මැච් බලපු පරම්පරවාට අර්ජුන වගේම, ජයසූරිය වගේම, පර්සි වගේම බන්දුල සමන් වතුර්ගමත් වීරයෙක්.

බන්දුලගේ අවුල මොකක්ද?

මමත් එක්ක වැඩ කරන 96න් පස්සේ ඉපදුණු මගේ අති ජාත මිත්‍රයන්ට බන්දුලගේ commentary මාර අවුල්. YouTube එකෙන් අහද්දී ඇත්තටම මටත් සමහරක් කෑලි අවුල්. ඒකට හේතු කිහිපයක් තියනවා. එකක් තමයි, මුලින්ම කියන්න ඕනි YouTube විකාශනයට සිංහල සම්බන්ධ කිරීම මාර අවුල්. මොකද තාම බන්දුල සමන් වතුරේගම ඇතුළු පිරිස ඉන්නේ Radio format එකේ හිරවෙලා. ඒ නිසා ඔවුන් හිතනවා හැම මොහොතකම මොනා හරි කියන්න ඕනි කියලා. ඒක නිසා තමා ඔය “සීගිරි” කතා එහෙම කරළියට එන්නේ. මං හිතන විදිහට රේඩියෝ විස්තර වවිචාරය තමා YouTube විකාශනයට සම්බන්ධ කරලා Sri Lanka Cricket එකෙන් දෙන්නේ. ඒ අනුව මේ අවුල් වැඩේට මුල පුරලා තියෙන්නේ Sri Lanka Cricket එකෙන්. වාහනේ යන ගමන් හෝ TV හෝ YouTube පහසුකම් නැති නිසා හෝ Radio එකෙන් මැච් එක අහන රසිකයන්ට “මැච් එක මවලා පෙන්වන්න” බන්දුල සමන් වතුරේගමට තාමත් පුළුවන්. (96 මම අහපු වොයිස් එක තමා තාමත් ඔහුට තියෙන්නේ. “ක්‍රිඩා ලෝලී හිතවතුනි එයම මොනතරම් භාග්‍යයක් ද?”)
96 අපිත් එක්ක අපේ ආච්චිත් මැච් එක ඇහුවා. ඇයත් අසීමිත අමන්දානන්දයක් ලැබුවා ඒ හඬ අහලා. ඇත්තටම ක්‍රිකට් මැවුම්කරණ ගුණයක් බන්දලගේ හඬේ තිබෙනවා. එදා අපි ඇඩ් ප්‍රතික්ෂේප කරමින් අහපු බන්දුලගේ විස්තර විචාරයට තාමත් ගරු කරනවා. තමන්ව facilitate කරා කියලා ඒ බන්දුල මේ Sri Lanka Cricket එකට මේ තරම් “කඩේ යන්න” ඕනි නෑ. එතකොටත් miss වෙන්නේ මැච් එක.

අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ මැච් අහපු අපිට මැච් පෙන්නපු බන්දුල සමන් වතුරේගමට සීගිරි කැටපත් පවුරේ කවි ලියූ පුහුදුන් මිනිසුන් මෙන් මටත් කවියක් ලියන්න තියනවා.

“අමිල යහල් වෙමි
මැච් ඔබෙන් අසා බැලුවෙමි
බොහෝ දෙනා ඔබට හිනැහුනත්
මම නොසිනාසුනෙමි”

අමිල යහලවෙල

Related articles

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

යුද සමයක මානුෂීය නායකත්වය !

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...