T20 ක්‍රීඩාවේ කඩුලු ලබා ගැනීමේ කලාව වෙනම එකක්

Share post:

T20 ආකෘතියේ දී බොහෝ වෙලාවට කඩුලු නිර්මාණය කරන්නේ පීඩනය විසින්.
පීඩනය හදන, ලකුණු නවතන පන්දු යවන්නෙක් T20 ක්‍රීඩාවේදී බොහෝ වටිනවා.
මෙතක් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව අද තරගයේ දී හෙළි වුණා.

ඒ මහීෂ් තීක්ෂණ.

දඟ පන්දු යවන්නෙක් වුනත් පවර්ප්ලේ පන්දුවාර වල ඉඳලම ලකුණු හිර කරලා ඔහු හදන පීඩනය කණ්ඩායමට කඩුලු ගේනවා.
වනිදු T20 කඩුලු සියයක් ලබා ගත්තා. ඒ කඩුලු සියය අතරේ බාගෙට බාගයක් තිබුණේ මහීෂ් විසින් නිර්මාණය කළ කඩුලු.
හරියට මාලිංගට සාර්ථක වෙන්න, කුලසේකර ලකුණු හිර කරලා පීඩනය හැදුවා වගේ.

අද මහීෂ් නැති ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය ලකුණු 200ක් ගහද්දී, හුදෙක්ම දැනුනේ මහීෂ් තීක්ෂණගේ අඩුව.
ඔහු තමයි ශ්‍රී ලංකා පන්දු බලඇණියේ මුදුන් මුල.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...