T20 ක්‍රීඩාවේ කඩුලු ලබා ගැනීමේ කලාව වෙනම එකක්

Share post:

T20 ආකෘතියේ දී බොහෝ වෙලාවට කඩුලු නිර්මාණය කරන්නේ පීඩනය විසින්.
පීඩනය හදන, ලකුණු නවතන පන්දු යවන්නෙක් T20 ක්‍රීඩාවේදී බොහෝ වටිනවා.
මෙතක් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව අද තරගයේ දී හෙළි වුණා.

ඒ මහීෂ් තීක්ෂණ.

දඟ පන්දු යවන්නෙක් වුනත් පවර්ප්ලේ පන්දුවාර වල ඉඳලම ලකුණු හිර කරලා ඔහු හදන පීඩනය කණ්ඩායමට කඩුලු ගේනවා.
වනිදු T20 කඩුලු සියයක් ලබා ගත්තා. ඒ කඩුලු සියය අතරේ බාගෙට බාගයක් තිබුණේ මහීෂ් විසින් නිර්මාණය කළ කඩුලු.
හරියට මාලිංගට සාර්ථක වෙන්න, කුලසේකර ලකුණු හිර කරලා පීඩනය හැදුවා වගේ.

අද මහීෂ් නැති ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය ලකුණු 200ක් ගහද්දී, හුදෙක්ම දැනුනේ මහීෂ් තීක්ෂණගේ අඩුව.
ඔහු තමයි ශ්‍රී ලංකා පන්දු බලඇණියේ මුදුන් මුල.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...