කිලිනොච්චියේ කළු නිදහස : පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර – සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට !

391
(ඡායාරූපය : www.news19.lk)

නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස හඳුන්වමින් කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ උතුරේ දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාවයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු පොලිස් බාරයට ගෙන තිබේ. මාධ්‍ය නිදහස සීමාකිරීම, භාෂණයේ නිදහස සීමා කෙරෙන නීති පැනවීම ආදී විවිධ හේතු මත නිදහස් දිනය සැමරීමට නිසි තත්ත්වයක් රට තුළ නොමැති බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි.

මෙම විරෝධතාවට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක එස්. ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.