කිලිනොච්චියේ කළු නිදහස : පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර – සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට !

Share post:

නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස හඳුන්වමින් කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ උතුරේ දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාවයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු පොලිස් බාරයට ගෙන තිබේ. මාධ්‍ය නිදහස සීමාකිරීම, භාෂණයේ නිදහස සීමා කෙරෙන නීති පැනවීම ආදී විවිධ හේතු මත නිදහස් දිනය සැමරීමට නිසි තත්ත්වයක් රට තුළ නොමැති බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි.

මෙම විරෝධතාවට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක එස්. ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...