ධනංජය පරිච්ඡේදය

Share post:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් පරිච්ඡේදයක් හෙට ආරම්භ වෙනවා.
හම්බන්තොට දෙබරවැව ජාතික පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා, ඉන්පසුව කෙටි කලක් රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නායකත්වය දරනා පළමු ටෙස්ට් තරගය හෙට ඇරඹෙනවා.
ධනංජය, කුඩා පාසැලක් යැයි සැලකෙන දෙබරවැව ජාතික පාසලෙන් බිහි වූ දෙවන ටෙස්ට් නායකයා.
මින්පෙර තාවකාලික ටෙස්ට් නායකත්වය දැරූ සුරංග ලක්මාල් ද, එම පාසලෙන් බිහි වූ ක්‍රීඩකයෙක්.
එය පාසැලක් වශයෙන් සුවිශේෂී වාර්තාවක්.

ධනංජය ද සිල්වා අලුත් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සලකුණක්.
ඔහු ටෙස්ට් වරම් දිනුවේ සුවිශේෂී 2016 ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ දී.
ඔහු සිය පළමු ටෙස්ට් ලකුණ වාර්තා කළේ හයේ පහරකින්.
තෙවන තරගයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටිද්දී ඔහු රැස් කළ ශතකය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණා.
ඒ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට ඕස්ට්‍රේලියාව 3-0ක් ලෙස පරාජය කළා.
ඒ ජයග්‍රහණයට ධනංජය ද සිල්වා ගේ දායකත්වය විශාල බලපෑමක් වුණා.

එවැනි විශිෂ්ඨ ආරම්භයකට හිමිකම් කියූ, සහජ දක්ෂතාවයකින් හෙඹි වූ ධනංජය ගේ කැපවීම සම්බන්ධ ගැටලු තිබුණා.
පසුකාලීනව ඔහු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ක්‍රීඩා කිරීමට පෙර දින රාත්‍රියේ පවා ඔහු සමාජජාලා වල සජීවී ව වීඩියො ගේම් ක්‍රීඩා කළා.

ධනංජය නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සලකුණක් වන්නේ ඒකයි.
දක්ෂතාවයෙන් පිරිපුන්, නමුත් කැපවීමේ ගැටලු නිසා දක්ෂතාවය ඔපමට්ටම් කර නොගත් ක්‍රීඩකයන්ගෙන් නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිරී ගිහින්.
ධනංජය නියෝජනය කරන්නේත් එම ක්‍රීඩකයන්ගේ පරම්පරාව.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකත්වය යනු සුලුපටු වගකීමක් නොවෙයි.
තවමත් එය භාරදූර වගකීමක්, කීර්තිමත් තනතුරක්.

හිස මත තැබෙන ටෙස්ට් නායකත්වයේ කිරුළ, ඔහු හික්මවීමට හේතුවක් වේවි.
හෙට තරගය ක්‍රීඩා කරන SSC පිටිය, දඟ පන්දු යවන්නන්ට විශේෂ වාසියක් එක් කරන තනතීරුවක් නොවෙයි.
එම නිසා කණ්ඩායම් දෙකම අතිරේක වේග පන්දු යවන්නෙක් සිය අවසන් සංචිතයට එක් කරගනීවි.
රශීඩ් ඛාන් ක්‍රීඩා නොකරන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දු වගකීම අත්දැකීම් අඩු සකීර් ඛාන් මත පැටවේවි.
බැලූ බැල්මට හෙට තරගයේ වැඩි වාසි ඇත්තේ ශ්‍රී ලංකාවට.

ක්‍රීඩා පිටියේ සහ තනතීරුවේ වාසිය හිමිවන්නේ ශ්‍රී ලංකාවට. අත්දැකීම් බහුල කණ්ඩායම ශ්‍රී ලංකාව.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය කිසිසේත්ම අවතක්සේරු කළ හැකි හෝ නොසලකා හැරිය හැකි කණ්ඩායමක් නොවෙයි.
ඉබ්‍රාහීම් සද්රාන් වැනි ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක ඉතිහාසයක් ඇති ක්‍රීඩකයන්ගෙන් ඇෆ්ගන් කණ්ඩායම සමන්විතයි.
ඔවුන්ගෙන් එල්ල වෙන අභියෝගය පරාජය කරමින්, නව ටෙස්ට් නායකත්වයේ ආරම්භයත්, 2024 වසරත් ජයග්‍රාහීව ඇරඹීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති අභියෝගයයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...