2023 වසරේ ලොව විශිෂ්ටතම චිත්‍රපටය KCC-MULTIPLEX හි ප්‍රදර්ශනය ආරම්භ කරන වගයි !!

Share post:

2023 වර්ෂයේ වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ( Cann Film Festival – 2023 ) දී Palmer Do’r සම්මානයෙන් පිදුම් ලද 2024 වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේ ( Academy Awards – 2024 ) වසරේ හොදම චිත්‍රපටය ( Best Film of the Year – 2024 ) ලෙස නිර්දේශ නාම අතරට එක්ව තිබෙන ප්‍රංශ ජාතික ප්‍රතිභාපූර්ණ සම්මානනීය චිත්‍රපට තිර රචිකාවියක් හා අධ්‍යක්ෂකවරියක වන ජස්ටිනී ට්‍රිට් ( Justin Triet ) විසින් අධ්‍යක්ෂණය කරන ලද ANATOMY OF A FALL – 2023 ලබන සතියේ සිට මහනුවර KCC-MULTIPLEX හිදී තිරගත වීම ආරම්භ කරනු ඇත .
“අභිරහස් මරණය හා මනෝභාවය අතර කෙරෙන ඉතා සියුම් සිනමාත්මක වියමණ.”

ANATOMY OF A FALL – 2023 චිත්‍රපටය පිළිබඳව අද හිමිදිරි උදෑසන මා හා KCC-MULTIPLEX නිර්මාතෘ තුසිත විජේසේන මහතා බොහෝ සේ කතාබහ කළ අතර මගේ සතුට හා ආශීර්වාදය ප්‍රකාශ කිරීමට ද මම අමතක නොකලෙමි.

විශේෂ සටහන

  1. ANATOMY OF A FALL චිත්‍රපටය අධ්‍යෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද්දේ තම මාස දෙකක ගැබ්බක්
    දරාගෙන වූ අතර එම චිත්‍රපටයට ලෝකයේ පිදෙන ඉහළින් සම්මානනීය හිමිවීම.
  2. මෙම චිත්‍රපටය පිළිබඳව මා ඔබව මුහුණු පොතේ විචාර සටහනක් තබමින් දැනුවත් කරන ලද්දේ 2023 මැයි මාසයේ දී පමණ ය.

3.ලොව සම්මානනීය විශිෂ්ට චිත්‍රපට මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනය නොකරන තරම් ය. එවන් අවදියක මෙවන් ලොව විශිෂ්ට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම අතිශයින්ම වැදගත් වන්නේ ය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...