ව්‍යවස්ථාවේ 33 අනුව පත්කළ නව ජනාධිපති නීතිඥවරුන් 10 !

Share post:

දෙසැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති නීතිඥයන් ලෙස පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දසදෙනා අද දිවුරුම් දුන්හ.

චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ, මොහොමඩ් ආදමලි, හර්ෂ ප්‍රනාන්දු, ආචාර්ය සිවාජි ෆීලික්ස්, ෆයිස මාකර්, කෞෂල්‍ය නවරත්න, උපුල් කුමරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන මෙම පිරිස ජනාධිපති නීතිඥවරු ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති නීතීඥ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (cc) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පුද්ගලයාට පිරිනමන වෘත්තීය තරාතිරමක් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අනුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කරනු ලබන්නේ, වෘත්තියෙන් කීර්තියට පත් සහ උසස් චර්යා සහ වෘත්තීය නිවැරැදි බව රැකගත් නීතිඥවරුන්ය.

මෙම ප්‍රතිපාදනය යටතේ පත්කරන ලද සෑම ජනාධිපති නීතීඥයකුටම රැජිනගේ නීතීඥවරුන් විසින් භුක්ති විඳි සියලු වරප්‍රසාද හිමි වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...