ව්‍යවස්ථාවේ 33 අනුව පත්කළ නව ජනාධිපති නීතිඥවරුන් 10 !

Share post:

දෙසැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති නීතිඥයන් ලෙස පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දසදෙනා අද දිවුරුම් දුන්හ.

චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ, මොහොමඩ් ආදමලි, හර්ෂ ප්‍රනාන්දු, ආචාර්ය සිවාජි ෆීලික්ස්, ෆයිස මාකර්, කෞෂල්‍ය නවරත්න, උපුල් කුමරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා යන මෙම පිරිස ජනාධිපති නීතිඥවරු ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති නීතීඥ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (cc) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පුද්ගලයාට පිරිනමන වෘත්තීය තරාතිරමක් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අනුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්කරනු ලබන්නේ, වෘත්තියෙන් කීර්තියට පත් සහ උසස් චර්යා සහ වෘත්තීය නිවැරැදි බව රැකගත් නීතිඥවරුන්ය.

මෙම ප්‍රතිපාදනය යටතේ පත්කරන ලද සෑම ජනාධිපති නීතීඥයකුටම රැජිනගේ නීතීඥවරුන් විසින් භුක්ති විඳි සියලු වරප්‍රසාද හිමි වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...