ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූල නැද්ද? – ඔන්ලයින් කෙටුම්පතේ ගැටළුව නිසා අත්සන් නොකරන්නැයි කතානායකට ඉල්ලීමක් !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස දේශීය සංවිධාන සහ වෘත්තිකයන් රැසක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් සඳහන් කර සිටින්නේ

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත (OSB), සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන තමන්ගේ දැඩි මතය වන බවත් මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් ලෙස තමන්ගේ දැඩි විරෝධය පළ කරන බවත්ය.

අදාළ සංවිධාන එකමුතුව විසින් කතානායකවරයාට යවන ලද ලිපිය පහත පරිදි වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස ඉල්ලීම.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB), සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන අපගේ දැඩි මතයයි. මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් ලෙස පහත අත්සන් කරන අප සැමගේ දැඩි විරෝධය පළ කරමු.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මංත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාගත පෙත්සම් 52 ක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග සහ සංශෝධන යෝජනා කරන ලදී.

පනත සම්මත කරගැනීමේ දී එවැන්නක් සිදු වී ඇත්නම්, එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පහර ගැසීමක් වන අතර අධිකරණයටද අපහාස කිරීමක් බව අපගේ විශ්වාසයයි. එමෙන්ම එමගින් පනතේ සුජාතභාවයද අභියෝගයට ලක්වන බව අපි විශ්වාස කරමු.

ඔබතුමන් වෙත යොමු කරන මෙම ලිපිය මගින් අප යළි යළිත් තහවුරු කරනුයේ පාර්ලිමේන්තුව මගින් මෙය පනතක් ලෙස සම්මත කරනු ලැබූවද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුලිනුපුටා දැමෙන,දරදඩු රෙගුලාසීන්ට එරෙහි අපගේ සටන මෙයින් නතර නොකරන බවය. මෙම ලිපියේ අරමුණ වන්නේ අපගේ විරෝධය නොතකා ක්‍රියාත්මක කිරීමට යන රෙගුලාසි මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පමණක් නොව රටේ ආර්ථිකයට ද සිදුවිය හැකි හානිය හැකිතාක් දුරකට හෝ අවම කර ගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමය.

ආණ්ඩුව මෙලෙස කඩිමුඩියේ ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට උත්සාහ ගනු ලබන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුවට එරෙහිව එල්ලවන විරෝධතා මැඩ පවත්වාගැනීමේ පටු අරමුණු සහිතව බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එබැවින්, පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි ලෙස ඉටුවීම සම්බන්ධයෙන් භාරකාරීත්වය දරන ප්‍රධානියා වන ඔබ, පනත් කෙටුම්පතට අදාළ සංශෝධන නිසි ලෙස ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් සහතිකවීම, ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන් සතු වගකීමක් බව අපි විශ්වාස කරමු.

එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔබ තුමන් වෙත එවන ලද නියෝග හා මාර්ගෝපදේශ සංශෝධන නිසි ලෙස පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි සහතික කර ගන්නා තෙක් ඊට ඔබතුමන්ගේ අනුමැතිය ලබා නොදෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුරවැසියන් සහ පුරවැසි ක්‍රියාකාරිකයින් වශයෙන් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තුතියි!
ඒකාබද්ධ කමිටුව වෙනුවෙන්,

දුමින්ද සම්පත් හනා ඊබ්‍රහිම්
සභාපති -වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
දුරකථන 0773181731 දුරකථන 0777412995

Free Media Movement
Sri Lanka Working Journalists’ Association
Young Journalists’ Association of Sri Lanka
Media Law Forum
Law and Society Trust
Right to life human rights Center
National Cooperative Development Fund
Hashtag Generation
Association of Health Professionals
Sri Lanka Postal and Telecommunication Service Union
All Ceylon Management Service Officers’ Union
Democratic Government Service Trade Union
South Asia Free Media Association
Ceylon Teachers’ Union
Ceylon Trade Union Federation
United Postal Trade Union Front
Savisthri National Women’s Moment
Uva Wellassa Women’s Organization
Movement for the Defence of Democratic Rights (MDDR)
Free Media Movement Tarde Union (FMMTU)
Ceylon Teachers’ Union
Moment for Land and Agriculture Reform (MONLAR)
National Fisheries Solidarity Movement (NAFSO)
Shramabhimani Center
Dabidu Collective
Women’s Action for Social Justice (WASJ)
United Federation of Labour (UFL)
Federation of Media Employees Trade Unions (FMETU)
Muslim Media Forum
Jaffna Press Club
Tamil Women Journalists Association
Tamil Media Alliance
Transparency International Sri Lanka
Free Trade Zone Union
South Asian Women in Media Network- Sri Lanka
Ceylon Bank Employees Union (CBEU)
South Asian Free Media Association
People’s Commission of Women in Sri Lanka
The Voice of Truth
Stand Up Movement in Sri Lanka
Trade Union to Upliftment of Sri Lanka Railway
Freedom Trade Union Center (FTUC)
Prabha Abhilasha Network
People’s Alliance for Right to Land (PARL)
Voice of the plantation people organization (VoPP)
Sri Lanka All Telecommunication Employees’ Union
Unite – Trade Union and Mass Organization Collective
Media.LK
RED Organization
Nature Foundation
Media Pro-Tech
PEN Sri Lanka
National Movement for Social Justice
Standup Workers Union
Asian Media and Cultural Association
Women Center Sri Lanka
Protect Union
Human Rights Documentation Center (INFORM)
Citizens’ Collective
Vinividimu Organization
Search for Common Grounds
Institute for People Engagement and Networking (iPEN)

Father Sarath Iddamalgoda
Rev. Asiri P Perera – Retired Bishop
Prof Arjuna Pararkarama
Prof Liyanage Amarakeerthi
Prof Nirmal Ranjith Dewasiri
Prof Vijaya Jayathilaka
Dr Ravindra kariyawasam
Dr Rathna Sri Wijesinghe
Dr Kalpa Rajapaksa
Senior Lecturer Anuruddha Pradeep Karnasuriya
Thusitha Siriwardena, Attorney at Law
D M Dissanayake, Attorney at Law
Journalist Seetha Ranjanee
Journalist Hana Ibrahim
Journalist Upali Kolambage
Journalist Ananda Dharmapriya Jayasekara
Journalist Thimbiriyagama Bandara
Journalist Saroj Pathirana
Journalist T M G Chandrasekara
Senior researcher Sarath Kellapatha
Journalist Tharindu Iranga Jayawardena
Journalist Sujeewa Senarath
Littérateur S Nandalal
Social Activist Jayani Abeysekara
Journalist Jayasiri Jayasekara
Journalist Prasad Poornimal
Journalist Shalika Wimalasena
Civil and Human Rights Activist Cyril Pathirage
Creativist Nandasiri Dhrmaratne
Dramatist and Civil Activist Roy Rodrigo
Journalist Indika Roshan Garusinghe
Journalist Chamara Sampath
Civil and Human Rights Activist Suranga Rupasinghe
Journalist Priyan R Wijebandara
Environmentalist Hemantha Withanage
Environmentalist Sajeewa Chamikara
Trade Unionist Chinthaka Bandara
Dramatist Ranasinghe Adhikari
Lyricist Sudath Gamini Bandara
Social Activist Thamara Dayani Heetimullage
Shrinath Perera, Attorney at Law
Journalist Nayanajeewa Bandara
K.W. Janaranjana, Attorney at Law
Journalist K. Sanjeewa
Journalist Lasantha Ruhunage
Journalist Sunil Jayasekara
Journalists Sakeef
Marine Engineer Kamal Wanniarachchi
Social Activist Manjula Gajanayake
Journalist Manjula Wediwardhana
Social Activist Udaya Kalupathirana
Economist Umesh Moramudali
Social Activist Sandaya Eknaligoda
Journalist Poddala Jayantha
Journalist Thushara Weerarathna
Journalist Dini Jayasekara
Journalist R. Yasiharan
Social Activist Saman Senevirathna
Tharushi Dishara Attorney at Law
Social Activist Sujith Abeyewckreme
Social Activist Chameera Dedduwage
Social activist Harini Farnando
Freelance journalist Ravi Rathnaveil

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...