චාමිකට අත්හිටවූ තරග තහනමක්..!

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් වූ ගිවිසුමට අදාළ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීමේ සිදුවීමක් මත පදනම්ව ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව අත්හිටවූ ක්‍රිකට් තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී නිමා වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තුළදී චාමික එලෙස ගිවිසුමේ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීමේ චෝදනාව චාමික කරුණාරත්න විසින් පිළිගෙන ඇත.

ඒ අනුව, අදාළ චෝදනාව විභාග කිරීම වෙනුවෙන් පත් කර තිබූ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් සිදුකර තිබූ විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව ඉහත තීරණය ගෙන තිබූ බව සඳහන් වේ.

ඔහුගේ ක්‍රිකට් දිවියට බලපෑම් එල්ල නොවන දඬුවමක් පනවන ලෙසත් අදාළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇත.

කෙසේවෙතත් මෙහිදී චාමික විසින් සිදුකරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වූ වරදෙහි බරපතළකම සම්බන්ධයෙන් සැළකිලිමත් වෙමින් ඉදිරියේදී එවන් කටයුතු සිදු කිරීමෙන් වැළකෙන ලෙස චාමික කරුණාරත්න වෙත දැඩි ලෙස අවවාද සිදු කර තිබේ.

ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව චාමිකට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවීමටත්, එයට අමතරව අමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් කටයුතු කර ඇති බ වද සඳහන් ය.

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...