වටිනාම සොයා ගැනීම මහීෂ් තීක්ෂණ

Share post:

අවසන් වසර පහ තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් සිදු කළ වටිනාම සොයා ගැනීම මහීෂ් තීක්ෂණ.

මේ මොහොතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීගය දිහා බලද්දී ඒ බව තහවුරු වෙනවා.
ඊයේ තරගයේත් ඔහු කඩුලු හතරයි.

පුද්ගලිකව මම මෙවැනි ලීග වලින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැනීමට විරුද්ධයි.

ක්‍රීඩකයෙකුගේ දක්ෂතා මැනීමට තරම් ලීග සර්ව සාධාරණ සහ ස්වාභාවික නැහැ.

නමුත් මහීෂ් තීක්ෂණ ගේ පන්දු යැවීම, පීඩනය දරා ගැනීම සහ සංසුන්බව පිළිබඳව මේ තරග වල අදහසක් ගත හැකියි.

ඔහුගේ පන්දු සංකලනය, වේරියේෂන්ස් සහ දක්ෂතා අමතක කළත් මහීෂ් විශිෂ්ඨ තරග කියවන්නෙක්.
ඉතා හොඳ පීඩනය දරාගන්නෙක්.

පවර් ප්ලේ පන්දුවාර වල පන්දු යැවීම සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නෙකුට අපහසුයි.
පන්දුව හඳුනාගත් සැණින් පිතිකරුවෙකුට පහසුවෙන් විශාල පහරක් කරා යා හැකියි.
ඔහු පවර් ප්ලේ පන්දුවාර වල පවා පිතිකරුවන් හිර කිරීමට, ඔහු සතු තරග කියවීමේ හැකියාව විශාල හේතුවක්.

මහීෂ් දවසින් දවස දියුණු වූ ක්‍රීඩකයෙක්.
තරබාරු ශරීරයේ ඉඳලා පන්දු යැවීම දක්වා බොහෝ දේ උණන්දුවෙන් හදාගත්තු ක්‍රීඩකයෙක්.

අවශ්‍ය වෙලාවේ කඩුල්ල ආරක්ෂා කරගත හැකි පිතිකරුවෙක්.

දැන් ඔහුට තවත් හදාගන්න දෙයකට ඉතිරි වෙලා තියෙන්නෙ පන්දු රැකීම විතරයි.
පසුගිය තරග කිහිපයක ඔහු අතින් උඩ පන්දු කිහිපයක් අතහැරුණා.

කොහොමවුනත් මගේ කියවීමට අනුව ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සතු වටිනාම ක්‍රීඩකයා මහීෂ් තීක්ෂණ.
ඔහුගේ පන්දුවාර හතර තරගයේ ශ්‍රී ලංකා ඉරණම තීරණය කිරීමට විශාල හේතුවක් වේවි!

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...