වටිනාම සොයා ගැනීම මහීෂ් තීක්ෂණ

Share post:

අවසන් වසර පහ තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් සිදු කළ වටිනාම සොයා ගැනීම මහීෂ් තීක්ෂණ.

මේ මොහොතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීගය දිහා බලද්දී ඒ බව තහවුරු වෙනවා.
ඊයේ තරගයේත් ඔහු කඩුලු හතරයි.

පුද්ගලිකව මම මෙවැනි ලීග වලින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැනීමට විරුද්ධයි.

ක්‍රීඩකයෙකුගේ දක්ෂතා මැනීමට තරම් ලීග සර්ව සාධාරණ සහ ස්වාභාවික නැහැ.

නමුත් මහීෂ් තීක්ෂණ ගේ පන්දු යැවීම, පීඩනය දරා ගැනීම සහ සංසුන්බව පිළිබඳව මේ තරග වල අදහසක් ගත හැකියි.

ඔහුගේ පන්දු සංකලනය, වේරියේෂන්ස් සහ දක්ෂතා අමතක කළත් මහීෂ් විශිෂ්ඨ තරග කියවන්නෙක්.
ඉතා හොඳ පීඩනය දරාගන්නෙක්.

පවර් ප්ලේ පන්දුවාර වල පන්දු යැවීම සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නෙකුට අපහසුයි.
පන්දුව හඳුනාගත් සැණින් පිතිකරුවෙකුට පහසුවෙන් විශාල පහරක් කරා යා හැකියි.
ඔහු පවර් ප්ලේ පන්දුවාර වල පවා පිතිකරුවන් හිර කිරීමට, ඔහු සතු තරග කියවීමේ හැකියාව විශාල හේතුවක්.

මහීෂ් දවසින් දවස දියුණු වූ ක්‍රීඩකයෙක්.
තරබාරු ශරීරයේ ඉඳලා පන්දු යැවීම දක්වා බොහෝ දේ උණන්දුවෙන් හදාගත්තු ක්‍රීඩකයෙක්.

අවශ්‍ය වෙලාවේ කඩුල්ල ආරක්ෂා කරගත හැකි පිතිකරුවෙක්.

දැන් ඔහුට තවත් හදාගන්න දෙයකට ඉතිරි වෙලා තියෙන්නෙ පන්දු රැකීම විතරයි.
පසුගිය තරග කිහිපයක ඔහු අතින් උඩ පන්දු කිහිපයක් අතහැරුණා.

කොහොමවුනත් මගේ කියවීමට අනුව ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සතු වටිනාම ක්‍රීඩකයා මහීෂ් තීක්ෂණ.
ඔහුගේ පන්දුවාර හතර තරගයේ ශ්‍රී ලංකා ඉරණම තීරණය කිරීමට විශාල හේතුවක් වේවි!

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...