මේ ඉතිහාසගත වෙන දවස්!

Share post:

පළවෙනි පොටෝ එකේ තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරලා අද උදේ ලබාගත්ත ඓතිහාසික ජයග්‍රහණය!

මේ තරගය ආරම්භ වෙද්දි ක්‍රීඩා කරපු කොදෙව් ක්‍රීඩකයන් 11 න් 7 ක් ම ටෙස්ට් තරග 10 ක් ක්‍රීඩා කරලා තිබුණේ නෑ.

කොදෙව්වන් අවුරුදු 27 කින් ඕස්ට්‍රේලියාව ඇතුළේ ජයග්‍රහණයක් ලබලා තිබුණෙත් නෑ. කොටින්ම 2000 නව ශතවර්ෂය ඇරඹීමෙන් පස්සේ කිසිම
කොදෙව් දූපත් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව ඇතුළේ ටෙස්ට් ජයක පහස විඳලා තිබුණේ නෑ.

සියලු දේ වෙනස් වෙන්න ගත වුණේ එක මොහොතයි. කොදෙව්වන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරලා ලකුණු 8 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කලින් දවසේ හවස පන්දුවක් වැදිලා ඉස්පිරිතාලෙ හිටපු තමන්ගේ දෙවනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරපු ශමාර් ජෝසප් ලෝක ශූර කැංගරුවන්ව බිමටම ඇදලා දානවා. ලකුණු 68 කට කඩුලු 7ක්!

දෙවනි පොටෝ එක මීට සුළු මොහොතකට කලින් එංගලන්තය ඉන්දියාව තුළ ලබපු ටෙස්ට් ජයග්‍රහණය. මේකත් ඉතිහාසගතයි.
පළමු දිනයේ ඉඳලම උපරිමේට දඟ කැවෙන තණතීරුවක එංගලන්තය තමන්ගේ දෙවනි ඉනිම ආරම්භ කරන්නේ ලකුණු 190 ක් පිටුපසින් සිටිමින්.
තමන්ගේ මවු රටේදී ලකුණු 150 ට වඩා පළවෙනි ඉනිමේ ලීඩ් එකක් තියාගත්ත කිසිම අවස්ථාවක ඉන්දියාව ඉතිහාසයේ ටෙස්ට් මැච් එකක් පරාද වෙලා නෑ.

ඉන්දීය ප්‍රභල දඟ පන්දු යැවීමේ බලඇණිය හමුවේ ඔලී පෝප් ලකුණු 196 ක් ලබාගන්නවා. 2013 න් පස්සේ ඉන්දියාව ඇතුළේ පිටින් ආපු වෙන කිසිම පිතිකරුවෙක් දෙවනි ඉනිමේ දී ලකුණු 150 ට වඩා ලබාගෙන නෑ. එහෙම දෙයක් වෙන්නේ අවුරුදු 11 කට පස්සේ!
උදේ ගැබා වල රඟදක්වපු ශමාර් ජෝසප් රංගනයේ දෙවනි කොටස හවස හයිද්‍රාබාද් වල රඟදැක්වෙනවා. මේ පාර ප්‍රධාන චරිතයට පණපොවන්නේ ටොම් හාර්ට්ලි.

තමන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන්නා හමුවේ ඉන්දීය පිතිකරුවන් එක පෙළට දැවී යනවා. ශමාර් ජෝසප් වගේම ඔහුත් ලකුණු 62 කට කඩුලු 7 යි! ඉතිහාසගත දවසක සිදුවුණ අපූරුම සිදුවීමක්!

එංගලන්තය ලකුණු 28 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නවා. මේ තරග දෙකම අවස්ථා ගණනකදී කණ්ඩායම් දෙකටම දෝලනය වුණ තරග දෙකක්.
කොච්චර ලීග් ක්‍රිකට් තිබ්බත් කොච්චර විස්සයි විස්ස ක්‍රිකට් ගැහුවත් ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේ ලස්සනම ලෙවල් එක තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් වල!

ශාමින්ද ජයරත්න (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...