වැඩ බලන පොලිස්පති ධුරය සහ පොලිස්පති කිරීම වළක්වන නියෝග ඉල්ලා ගොනුකළ පෙත්සම් 31දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලයි !

Share post:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන 31දා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) නියෝග කර ඇත.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

එම කරුණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර ඇති තවත් පෙත්සම් දෙකක් සළකා බැලීම සඳහා ලබන 31දා කැඳවීමට අධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමත් එදිනම කැඳවන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙරකී මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සමගම මෙම පෙත්සමත් එදිනට කැඳවන ලෙසට නියෝග කර තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනධිපති නීතිඥ ෂමිල් පෙරේරා පෙනී සිටි අතර, එකොළොස්වැනි වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිට ඇත.

එම පෙත්සමට අදාළ නොතිසි තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී වන බැවින්, ලබන 31දා සළකා බැලීමේ දිනයක් ලෙස නොව කැඳවීමේ දිනයක් ලෙස කැඳවීමට දින නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අමතරව නීතිපතිවරයා, කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව ද නම් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...