වැඩ බලන පොලිස්පති ධුරය සහ පොලිස්පති කිරීම වළක්වන නියෝග ඉල්ලා ගොනුකළ පෙත්සම් 31දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලයි !

Share post:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන 31දා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) නියෝග කර ඇත.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

එම කරුණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර ඇති තවත් පෙත්සම් දෙකක් සළකා බැලීම සඳහා ලබන 31දා කැඳවීමට අධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමත් එදිනම කැඳවන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙරකී මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සමගම මෙම පෙත්සමත් එදිනට කැඳවන ලෙසට නියෝග කර තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනධිපති නීතිඥ ෂමිල් පෙරේරා පෙනී සිටි අතර, එකොළොස්වැනි වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිට ඇත.

එම පෙත්සමට අදාළ නොතිසි තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී වන බැවින්, ලබන 31දා සළකා බැලීමේ දිනයක් ලෙස නොව කැඳවීමේ දිනයක් ලෙස කැඳවීමට දින නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අමතරව නීතිපතිවරයා, කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව ද නම් කර ඇත.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...