පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන ඝාතන ගැන නීතිඥ සංගමය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි !

Share post:

පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා ඇත.

පසුගිය සතියේ නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියකු විසින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ. දැනට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම සඳහා බාධා කළ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කළ ප්‍රකාශය ද නීතීඥ සංගමය විවේචනය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් මෙසේ ද පවසයි.

‘රජයේ ඇමැතිවරයකු විසින් කරන ලද වගකීම් විරහිත, නොමඟ යවන සුළු ප්‍රකාශයන් හරහා මහජන අවශ්‍යතා සුරැකීම සඳහා නීතිඥයින් විසින් ඉටුකරනු ලබන කාර්යභාරයට හානියක් වන බව පැහැදිලියි. නීතිය ආරක්ෂා කිරීමට කැපවූවන් භේදකිරීම් අපි දැඩි ලෙස හෙළාදකිමු.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...