පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන ඝාතන ගැන නීතිඥ සංගමය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි !

Share post:

පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා ඇත.

පසුගිය සතියේ නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියකු විසින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ. දැනට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම සඳහා බාධා කළ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කළ ප්‍රකාශය ද නීතීඥ සංගමය විවේචනය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් මෙසේ ද පවසයි.

‘රජයේ ඇමැතිවරයකු විසින් කරන ලද වගකීම් විරහිත, නොමඟ යවන සුළු ප්‍රකාශයන් හරහා මහජන අවශ්‍යතා සුරැකීම සඳහා නීතිඥයින් විසින් ඉටුකරනු ලබන කාර්යභාරයට හානියක් වන බව පැහැදිලියි. නීතිය ආරක්ෂා කිරීමට කැපවූවන් භේදකිරීම් අපි දැඩි ලෙස හෙළාදකිමු.’

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...