උදේ ඇප දුන් සිරිධම්ම හිමි හවස රිමාන්ඩ් කරයි !

460

අද (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදුන් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඒ, පසුගිය ජුනි 10දා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවකදී පොදු දේපොළවලට හානිකිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. මේ චෝදනාවට අදාළ ව පොලිසිය මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිරිධම්ම හිමිට ඇප නියම කරන ලද්දේ අදාළ නඩුව සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම සහ විදෙස් ගමන් තහනම් කිරීම යන ඇප කොන්දේසි මතයි.