Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග 03ක් වෙළෙඳපොළට !

Share post:

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ.

සබන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් පාරිභෝගිකයන්ට සුවිශේෂ අත්දැකීමක් ගෙන දෙමින් මෙම සබන් වර්ග මෙරට වෙ‌ළෙද‌පොළට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවි‌ශේෂ සබන් වර්ග තුනක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් UTN සමාගම් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය නිශ්ශංක මහතා මෙලෙස සඳහන් කළේය.

“අපේ සබන් වර්ග ශරීරය පිරිසිදු කිරීමට අමතරව කල් පවතින නැවුම් හැඟීමක් ඉතිරි කරනවා. ස්නානය කරන සෑම අවස්ථාවක්ම වින්දනීය මොහොතක් බවට පත් කර ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව සළසා දීම අපේ අරමුණයි.”

“Enchanteur ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සුවිශේෂ ලෙස සළකනවා. දශක ගණනාවක් පුරා විවිධ නිෂ්පාදන රැසක් සමඟ දිගු කල් පවතින සුවඳක අත්දැකීම පාරිභෝගිකයන්ට සපයන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ මෙහෙවරේ දිගුවක් වශයෙන් දැරිය හැකි මිලකට මේ සබන් වර්ග වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්.”

Wipro Unza Overseas සමාගමේ ව්‍යාපාර ප්‍රධානී අනිල් ගෞතම් මහතා එසේ සඳහන් කළේය. මෙම නිෂ්පාදන දිවයින පුරා වෙළෙඳසැල්වලින් දැන් මිල දී ගත හැකිය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...