Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග 03ක් වෙළෙඳපොළට !

Share post:

සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ.

සබන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් පාරිභෝගිකයන්ට සුවිශේෂ අත්දැකීමක් ගෙන දෙමින් මෙම සබන් වර්ග මෙරට වෙ‌ළෙද‌පොළට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවි‌ශේෂ සබන් වර්ග තුනක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් UTN සමාගම් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය නිශ්ශංක මහතා මෙලෙස සඳහන් කළේය.

“අපේ සබන් වර්ග ශරීරය පිරිසිදු කිරීමට අමතරව කල් පවතින නැවුම් හැඟීමක් ඉතිරි කරනවා. ස්නානය කරන සෑම අවස්ථාවක්ම වින්දනීය මොහොතක් බවට පත් කර ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව සළසා දීම අපේ අරමුණයි.”

“Enchanteur ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සුවිශේෂ ලෙස සළකනවා. දශක ගණනාවක් පුරා විවිධ නිෂ්පාදන රැසක් සමඟ දිගු කල් පවතින සුවඳක අත්දැකීම පාරිභෝගිකයන්ට සපයන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ මෙහෙවරේ දිගුවක් වශයෙන් දැරිය හැකි මිලකට මේ සබන් වර්ග වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්.”

Wipro Unza Overseas සමාගමේ ව්‍යාපාර ප්‍රධානී අනිල් ගෞතම් මහතා එසේ සඳහන් කළේය. මෙම නිෂ්පාදන දිවයින පුරා වෙළෙඳසැල්වලින් දැන් මිල දී ගත හැකිය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...