දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තේරීම 21දා – යෝජනාව සම්බන්දන්ගෙන් !

Share post:

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනීම සදහා වන ඡන්ද විමසිම ජනවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිත ය.

එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී නව නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත්කර ගැනිම කෙරෙහි සන්ධානයේ බහුතරයකගේ කැමැත්ත පවතින බවට වාර්තා වේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සදහා එම පක්ෂයේ තිදෙනකු ඉදිරිපත් වී ඇති අතර, ඒ අතරින් සුමන්දිරන් වෙත බහුතර ප්‍රසාදය හිමිව ඇත.

සුමන්දිරන්ට එරෙහි පාර්ශ්ව සඳහන් කරන්නේ ඔහු උතුරේ ජනතාවගේ ගැටළුවලට සෘජු ව ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් බවයි. එම නිසා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට ඔහු පත්වුවහොත්, වෙනත් පාර්ශ්ව විසින් සන්ධානය හැසිරවීමේ වැඩි ඉඩක් ඇතැයි ද එම පාර්ශ්ව සඳහන් කරයි.

මේ අතර සුමන්දිරන්ට පක්ෂ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ඔහු ජාතික නායකයකු ලෙස කැපීපෙනෙන භූමිකාවක් ඉටුකරමින් සිටින බවයි. එම නිසා මේ මොහොතේ සන්ධානයේ නායකත්වයට පත්විය යුත්තේ එවැනි භූමිකාවක් සහිත අයෙකු බව ඔවුහු පවසති.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන අතර, මෙම නව නායකත්වය තේරීම සම්බන්දන්ගේ ම යෝජනාවක් අනුව සිදු වන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් thetime.lk වෙත පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...