දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තේරීම 21දා – යෝජනාව සම්බන්දන්ගෙන් !

Share post:

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනීම සදහා වන ඡන්ද විමසිම ජනවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිත ය.

එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී නව නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත්කර ගැනිම කෙරෙහි සන්ධානයේ බහුතරයකගේ කැමැත්ත පවතින බවට වාර්තා වේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සදහා එම පක්ෂයේ තිදෙනකු ඉදිරිපත් වී ඇති අතර, ඒ අතරින් සුමන්දිරන් වෙත බහුතර ප්‍රසාදය හිමිව ඇත.

සුමන්දිරන්ට එරෙහි පාර්ශ්ව සඳහන් කරන්නේ ඔහු උතුරේ ජනතාවගේ ගැටළුවලට සෘජු ව ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් බවයි. එම නිසා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට ඔහු පත්වුවහොත්, වෙනත් පාර්ශ්ව විසින් සන්ධානය හැසිරවීමේ වැඩි ඉඩක් ඇතැයි ද එම පාර්ශ්ව සඳහන් කරයි.

මේ අතර සුමන්දිරන්ට පක්ෂ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ඔහු ජාතික නායකයකු ලෙස කැපීපෙනෙන භූමිකාවක් ඉටුකරමින් සිටින බවයි. එම නිසා මේ මොහොතේ සන්ධානයේ නායකත්වයට පත්විය යුත්තේ එවැනි භූමිකාවක් සහිත අයෙකු බව ඔවුහු පවසති.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන අතර, මෙම නව නායකත්වය තේරීම සම්බන්දන්ගේ ම යෝජනාවක් අනුව සිදු වන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් thetime.lk වෙත පැවසීය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...