පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි

Share post:

පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි. හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වී තිබේ. ඒ සමඟ දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. ඉරානය පාකිස්ථානය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ළමයි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙයි. බාහිර තර්ජන ඉදිරියේ පාකිස්තාන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණ බව විදේශ අමාත්‍යාංශය නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ගිනිකොනදිග ඉරානයේ රාස්ක් නගරයට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයේ රැකවරණ ලබන ජායිෂ්-අල්-අඩ්ල් සන්නද්ධ කණ්ඩායම සම්බන්ධ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...