පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි

Share post:

පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි. හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වී තිබේ. ඒ සමඟ දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. ඉරානය පාකිස්ථානය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ළමයි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙයි. බාහිර තර්ජන ඉදිරියේ පාකිස්තාන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණ බව විදේශ අමාත්‍යාංශය නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ගිනිකොනදිග ඉරානයේ රාස්ක් නගරයට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයේ රැකවරණ ලබන ජායිෂ්-අල්-අඩ්ල් සන්නද්ධ කණ්ඩායම සම්බන්ධ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...