යුක්තියෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා පොලිසියට බරපතල විවේචනයක් !

Share post:

සැකකරුවන් 30,000ක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අයිතිවාසිකම් සංවිධාන හෙළාදැක ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ, පසුගිය වර්ෂ‍යේ දෙසැම්බර් මැද භාගයේ ආරම්භ වූ යුක්තිය මෙහෙයුමේ කොටසක් ලෙස සහ දකුණු ආසියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩි ආරක්‍ෂාව පදනම් කරගත් ප්‍රතිචාරයක් අනුගමනය කිරීම ගැන අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු” ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Turk) නිකුත් කරන ලද ප්‍රකාශයේ සදහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සැකපිට දෙසැම්බර් 17 වැනි දින මෙහෙයුම ආරම්භයේ සිට ජනවාරි පළමු සතිය දක්වා පුද්ගලයන් 29,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් රඳවා තබාගැනීමට පොලිසිය ප්‍රතිඥා දී ඇත.

අත්අඩංගුවේ පසුවන අයගෙන් 1,500ක් පමණ පොලිස් අත්අඩංගුවේ පරිපාලන රැඳවුම් භාරයේ සිටින අතර, 1,600ක් අනිවාර්ය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවට වාර්තා වේ.

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch), ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සහ අයිතිවාසිකම් සංවිධාන 30ක කණ්ඩායමක් විසින් මර්දනය නවත්වන ලෙසත්, සාධාරණ සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන සිටින ඕනෑම අයෙකු නිදහස් කරන ලෙසත් පසුගිය සඳුදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

“මෙම මෙහෙයුම දිග හැරෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන හෝ භාවිත කරන බවට සැකකෙරෙන, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය සහ සමාජය තුළ වෙනස් කොට සැලකීම් සහ අපකීර්තියට ලක්වන පුද්ගලයන්ට එරෙහිව දැනටමත් දැඩි මර්දනයක සන්දර්භයක් තුළය. මානව හිමිකම් නීතියට අනුකූලව මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදාවන් සම්බන්ධ කරගැනීම නවත්වන්න” යනුවෙන් එම සංවිධානය පවසයි.

එහෙත්, ශ්‍රී ලංකා පොලිසිය පසුගිය ඉරිදා (14) ප්‍රකාශ කළේ, හඳුනාගෙන ඇති සැකකරුවන් 40,000කට අධික සංඛ්‍යාවක් ජුනි මාසයට පෙර අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේ නව අදියරක් දියත් කරන බවයි.

“සැකකරුවන් 42,248ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි මාසය තුළ සියලුම පොලිස් ස්ථාන දවසේ පැය 24 පුරාම ක්‍රියා කළ යුතුයි” යනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම මෙහෙයුමේදී, ගංජා කිලෝග්‍රෑම් 340ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 70ක් ඇතුළුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...