ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පවසයි

Share post:

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ව්‍යාප්තවීම වැළැක්වීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවෙයි. ගාසා තීරයට සහ බටහිර ඉවුරට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරයි. එවැනි තත්ත්වයක් මත ලෙබනනයේ හූති ගරිල්ලන් පලස්තීනයට සහාය දැක්වීම සඳහා රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ. ගැටුමේ ස්වභාවය අනුව එය මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පෙන්වා දෙයි.

ඒ නිසා සටන් විරාමයක් වෙත ඊශ්‍රායලය යොමු කරවීමට මැදිහත් වන්නයි ජෝර්දාන් රජු ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී. යුරෝපා සංගමය ද ඊට මැදිහත් විය යුතු බව යි ඔහුගේ අදහසයි. පවතින තත්ත්වය වඩාත් නිවැරදිව නිරීක්‍ෂණය කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ. ස්වදේශ ලේකම්වරයා ගැටුම් සහගත ප්‍රදේශවල නිරීක්‍ෂණ සංචාරයක නිරත වනු ඇතැයි ද ඇමෙරිකාව පෙන්වා දෙයි. ඇමරිකාව හා යුරෝපා සංගමය අතර සාකච්ඡාවක්ද පැවැත්විණ. එහිදී ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...