ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පවසයි

Share post:

ඊශ්‍රායල පලස්තීන ගැටුම මැද පෙරදිගට ව්‍යාප්තවීම වැළැක්වීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවෙයි. ගාසා තීරයට සහ බටහිර ඉවුරට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරයි. එවැනි තත්ත්වයක් මත ලෙබනනයේ හූති ගරිල්ලන් පලස්තීනයට සහාය දැක්වීම සඳහා රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ. ගැටුමේ ස්වභාවය අනුව එය මැද පෙරදිගට ද ව්‍යාප්ත වීමේ හැකියාව ඇතැයි ජෝර්දානය පෙන්වා දෙයි.

ඒ නිසා සටන් විරාමයක් වෙත ඊශ්‍රායලය යොමු කරවීමට මැදිහත් වන්නයි ජෝර්දාන් රජු ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී. යුරෝපා සංගමය ද ඊට මැදිහත් විය යුතු බව යි ඔහුගේ අදහසයි. පවතින තත්ත්වය වඩාත් නිවැරදිව නිරීක්‍ෂණය කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ. ස්වදේශ ලේකම්වරයා ගැටුම් සහගත ප්‍රදේශවල නිරීක්‍ෂණ සංචාරයක නිරත වනු ඇතැයි ද ඇමෙරිකාව පෙන්වා දෙයි. ඇමරිකාව හා යුරෝපා සංගමය අතර සාකච්ඡාවක්ද පැවැත්විණ. එහිදී ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...