භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි කාන්තාවක මුදාගැනේ

Share post:

ජපානයේ ප්‍රබල භූ චලනයෙන් දින පහකට පසු අවුරුදු අනූවකට වැඩි වයස්ගත කාන්තාවක මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වෙති. කඩා වැටුණු සුන්බුන් අතර ඇය සිරව සිටි බව වාර්තා වෙයි. බටහිර ජපානයේදී කාන්තාව මුදාගන්නාවිට ප්‍රධාන භූ චලනය සිදු වී පැය එකසිය විසි හතරක් ගෙවී තිබුණු බව සහන සේවකයෝ පවසති. ඇගේ සෞඛ්‍ය තත්වය අඛණ්ඩව නිරීක්‍ෂණයට පියවර ගෙන තිබේ. ජපානයේ සිදුවූ රිච්ටර් පරිමාණ ඒකක 7 යි දශම හයක භූ චලනයෙන් පුද්ගලයෝ එකසිය විසි හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...