ස්වීඩනයේ අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් බේරා ගනියි

Share post:

අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් විශාල සංඛ්‍යාවක් ගලවා ගැනීමට ස්වීඩන් සහන සේවකයෝ සමත් වෙති.

දකුණු දිග ස්වීඩනයේ E විසිදෙක මාර්ගයට දැඩි හිම පතනයක් සිදු විය. ඉන් රථ වාහන දහසක් පමණ මාර්ගයේ සිරවූ බව ස්වීඩන් වාර්තා පෙන්වා දෙයි. සහන සේවකයන් ප්‍රදේශයට පැමිණ රියදුරන් මුදා ගත් අතර පසුව පැමිණ වාහන රැගෙන යන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබිණ. ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ වෙත මේ වන විට දැඩි හිම පතනයක් සිදුවන බව වාර්තා වෙයි. ඩෙන්මාර්ක් හි හිම කුණාටුද පවතින බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා කියයි. උතුරු දිග ස්වීඩනයේ නගරයකින් වසර 25 කට පසු අඩුම උෂ්ණත්වය වාර්තා විය. එය සෙල්සියස් අංශක ඍණ 43.6 ක් බව ස්වීඩන් කාලගුණ අංශ පවසයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...