ස්වීඩනයේ අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් බේරා ගනියි

Share post:

අධික හිම පතනය හේතුවෙන් මහා මාර්ගයක සිරව සිටි රියදුරන් විශාල සංඛ්‍යාවක් ගලවා ගැනීමට ස්වීඩන් සහන සේවකයෝ සමත් වෙති.

දකුණු දිග ස්වීඩනයේ E විසිදෙක මාර්ගයට දැඩි හිම පතනයක් සිදු විය. ඉන් රථ වාහන දහසක් පමණ මාර්ගයේ සිරවූ බව ස්වීඩන් වාර්තා පෙන්වා දෙයි. සහන සේවකයන් ප්‍රදේශයට පැමිණ රියදුරන් මුදා ගත් අතර පසුව පැමිණ වාහන රැගෙන යන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබිණ. ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ වෙත මේ වන විට දැඩි හිම පතනයක් සිදුවන බව වාර්තා වෙයි. ඩෙන්මාර්ක් හි හිම කුණාටුද පවතින බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා කියයි. උතුරු දිග ස්වීඩනයේ නගරයකින් වසර 25 කට පසු අඩුම උෂ්ණත්වය වාර්තා විය. එය සෙල්සියස් අංශක ඍණ 43.6 ක් බව ස්වීඩන් කාලගුණ අංශ පවසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...