ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් සියලු මගින් (මගීන් 367)ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටයි

420

ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් (ජපන් එයාර්ලයින්ස් එයාර්බස් ඒ 350 යානය)සියලු මගින් ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටක් බව හෙළි වෙයි. එහිදී කාර්ය මණ්ඩලය සුවිශේෂී මෙහෙයක් ඉටුකළ බව ජපාන ගුවන් සේවා ප්‍රකාශකයා සඳහන් කරයි.

ගිනි ගැනීම හේතුවෙන් ගුවන් යානයේ අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය විනාශ වී තිබිණ. ඒ නිසා මෙගා ෆෝන් භාවිතයෙන් මගීන් දැනුවත් කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයෝ පියවර ගත්හ. ඇතමෙකු හඬ නගා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරීක්ෂණවලදී හෙළිව තිබේ. ගුවන් යානය ගිනිගෙන ඇතැයි නියමුවන් නොදැන සිටි බව ද, කාර්ය මණ්ඩලය විසින් ඔවුන් දැනුවත් කරනු ලැබූ බවද පරීක්ෂණවලදී හෙළිව ඇත. කෙසේ වුවද කාර්ය මණ්ඩලයේ ක්‍රියාශීලිත්වය මත විනාඩි දහ අටක් ඇතුළත සියලු මගීන් ගලවා ගැනීමට හැකි වූ බව ජපාන ගුවන් සේවය පෙන්වා දෙයි. ගිනිගත් ගුවන් යානයෙහි නියමුවන් තුන්දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ දොළොස් දෙනෙක් සිටියහ.