ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් සියලු මගින් (මගීන් 367)ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටයි

Share post:

ජපාන ගිනි ගත් ගුවන් යානයෙන් (ජපන් එයාර්ලයින්ස් එයාර්බස් ඒ 350 යානය)සියලු මගින් ඉවත් කිරීම සඳහා ගත වූ කාලය විනාඩි දහ අටක් බව හෙළි වෙයි. එහිදී කාර්ය මණ්ඩලය සුවිශේෂී මෙහෙයක් ඉටුකළ බව ජපාන ගුවන් සේවා ප්‍රකාශකයා සඳහන් කරයි.

ගිනි ගැනීම හේතුවෙන් ගුවන් යානයේ අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය විනාශ වී තිබිණ. ඒ නිසා මෙගා ෆෝන් භාවිතයෙන් මගීන් දැනුවත් කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයෝ පියවර ගත්හ. ඇතමෙකු හඬ නගා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරීක්ෂණවලදී හෙළිව තිබේ. ගුවන් යානය ගිනිගෙන ඇතැයි නියමුවන් නොදැන සිටි බව ද, කාර්ය මණ්ඩලය විසින් ඔවුන් දැනුවත් කරනු ලැබූ බවද පරීක්ෂණවලදී හෙළිව ඇත. කෙසේ වුවද කාර්ය මණ්ඩලයේ ක්‍රියාශීලිත්වය මත විනාඩි දහ අටක් ඇතුළත සියලු මගීන් ගලවා ගැනීමට හැකි වූ බව ජපාන ගුවන් සේවය පෙන්වා දෙයි. ගිනිගත් ගුවන් යානයෙහි නියමුවන් තුන්දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ දොළොස් දෙනෙක් සිටියහ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...