ලිවිසැරි මග තනන – ජාතික සාහිත්‍ය ස්වයංවරය.. ගොඩගේ අත්පිටපත් තරගය – 2024

Share post:

තරග අංශ… සිංහල

නවකතා…. කෙටිකතා සංග්‍රහ… කාව්‍ය සංග්‍රහ… යොවුන් නවකතා… විද්‍යා ප්‍රබන්ධ..

English Fictions
Novel…. Collection of short stories
Poetry…

අක්ෂර මාදිලිය – සිංහල
FM Abaya
English – Times New Roman or Suitable other

කොන්දේසි

ඔබගේ අත්පිටපත් ග්‍රන්ථ නාමය පමණක් සහිතව එක් තරග අංශයකට එක් පිටපතක් පමණක් ඉදිරිපත් කළ යුතුයි.

අත්පිටපත් නාමය… කර්තෘ ගේ නම.. ලිපිනය… දුරකතන අංකය… email ලිපිනය සහ නිර්මාණයේ ස්වාධීනත්වය සහ වෙනත් නිර්මාණවල උපුටන පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තම නිර්මාණයේ ඇතුළත්ව නැති බවට වන ප්‍රකාශයක් ද සහිතව තමන් විසින් සකස් කරගන්නා ලදී අයදුම් පත්‍රයක් අත්පිටපත සමග ඉදිරිපත් කළ යුතුය.
නිර්මාණ පිටපතේ මෘදු පිටපත soft copy ඔබ සන්තකයේ තබා ගත් යුතු අතර අවසාන වටයට තේරී පත්වුවහොත් එය අප වෙත ඉදිරිපත් කිරිම අනිවාර්ය වේ…

ඔබගේ පිටපත පිටු අංක සටහන් කර මනාව බැඳ ඉදිරිපත් කළ යුතුය…

කෙටිකතා සහ කාව්‍ය සංග්‍රහ වෙනුවෙන් නිර්මාණ අනුපිළිවෙල සඳහන් පටුනක් ඇතුළත් විය යුතුය..

පෙරවදන්/පසුවදන්/ස්තුතිය ආදී බාහිර ඇමුණුම් කිසිවක් අමුණා නොතිබිය යුතුය..

ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණ පිටපත් වෙනත් අත්පිටපත් තරග සඳහා ඉදිරිපත් කර ජය ලැබූ පිටපත් නොවිය යුතු අතර තරගයේ ඕනෑම අවස්ථාවකදී එවැනි කරුණු හෙළිදරව් වුවහොත් තරග ප්‍රතිඵලය අවලංගු කිරීමේ බලය සංවිධායකයන් සතු වන බව සැලකුව මනාය..

අත්පිටපත් බාර ගන්නා අවසාන දිනය 2024 ජනවාරි 31..

තරගය වෙනුවෙන් ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන අත්පිටපත පහත දැක්වෙන ලිපිනයට ගෙනැවිත් බාර දිය හැකිය අතර ලියාපදිංචි තැපෑලෙන් ද එවිය හැකිය.. තැපෑලේදී අස්ථාන ගතවන පිටපත් පිළිබඳ වගකීම අයදුම්කරු වෙත පැවරේ. පැමිණ බාර දෙන අය සඳහා පිටපත් බාර ගත් බවට ලදුපතක් නිකුත් කෙරේ.

විදෙස්ගත ලේඛකයන්ගේ නිර්මාණ තරගයට ඉදිරිපත් වන්නේ නම් තමන් වෙනුවෙන් දේශීය නියෝජිතයකු නම් කර එය අයදුම් පත්‍රයේ සඳහන් කර තිබිය යුතුය..

තරගයෙන් ජය ලබන නිර්මාණ සහ අවසන් වටය නියෝජනය කරන නිර්මාණ ගොඩගේ ප්‍රකාශනයන් ලෙස මුද්‍රණයට පැවරෙන බව සැලකුව මනාය.. එසේ නොවන අවස්ථා වේ නම් තරග ජයග්‍රහණය භාවිතයට ගැනීමේ අවස්ථාව අහිමි වන බව සැලකුව මනාය..

මුද්‍රණය කරනු ලබන සියලුම කෘති වෙනුවෙන් මුද්‍රිත පිටපත් සංඛ්‍යාවට අනුව 10% කර්තෘ භාග හිමිකමක් ලැබෙන අතර සම්මාන ජයග්‍රහණය ලබන නිර්මාණ වෙනුවෙන් මුල්‍ය ත්‍යාගයන් සහ සම්මාන ඵලකයක් ද, පොත් ත්‍යාගයන් සහ සහතික පත්‍රයක් ද පිරිනමනු ලබන්නේය..
නිර්මාණ බාරදිය යුතු ලිපිනය..

(ගොඩගේ අත්පිටපත් තරගය යනුවෙන් කවරයේ වම්පස ඉහළ සඳහන් කරන්න..)

ගොඩගේ පොත් මැදුර
අංක 675,
කුලරත්න මාවත,
මරදාන,
කොළඹ 10..

වැඩි විස්තර සඳහා 0715316568 අමතන්න..
අනුරසිරි හෙට්ටිගේ

සංවිධායක
ගොඩගේ අත්පිටපත් තරගය 2024.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...