“නායකත්වය දෙනකොට ක්‍රීඩකයින්ගේ විනය කියන දේ බලන්නෙම නැද්ද?”තරංගගේ හිත ගස්සපු මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය

Share post:

“නායකත්වය දෙනකොට ක්‍රීඩකයින්ගේ විනය කියන දේ බලන්නෙම නැද්ද?” මටනම් හිතෙන්නේ, අද උපුල් තරංගගේ හිත ගස්සපු ප්‍රශ්නය ඒක තමයි කියලා. ප්‍රශ්නය ඇහුවේ අපි කවුරුත් දන්න ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine.

බ්ලූම්ෆීල්ඩ් සහ SSC තරගයේදී කුසල් මෙන්ඩිස් විසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයට සිදුකළ හානිය ගැන සිහිපත් කරමින් තමයි ඔහු ඒ ප්‍රශ්නය ඇහුවේ..
උගුරට හොරා බෙහෙත් කන උත්තරයක් දීපු තේරීම් කමිටු සභාපති උපුල් තරංග කිව්වේ, විනය කියන එක සෑහෙන වැදගත් දෙයක් බවත් ඒ අතුරින් නායකයාගේ විනය ද ඉතාමත් වැදගත් බවයි. මෙන්ඩිස්ගේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කර ඇති අතර එම සිද්ධියට අදාළ වාර්තාව තවමත් ක්‍රිකට් ආයතනයෙන් තේරීම් කමිටුව වෙත ලබා දී නොමැති බවත් තරංග පවසනවා. අවසානයේ තරංග කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණය තවමත් SSC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරන බවයි.

තරංගගේ එම පිළිතුර තුළින් අපිට පෙනී යන්නේ මෙන්ඩිස් තවමත් එම සිද්ධියට වැරදිකරුවෙක්වත්, නිවරුදිකරුවෙක්වත් නොව චූදිතයෙක් පමණක් බවයි.
එසේනම් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මනා පරිනත බවක් ඇති තරංගට සිදු කිරීමට තිබ්බේ තමන්ගේ ප්‍රමුඛත්වයෙන් තේරීම් කටයුතු කරන කුළුඳුල් තරගාවලිය සඳහා විනය චෝදනාවක් ලැබූ පුද්ගලයෙකුට නායකත්වය දීම නොව ඔහුගේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් නායකත්වය සිම්බාබ්වේ තරගාවලියට පමණක් වෙන ක්‍රීඩකයෙකු පත් කිරීම නොවේද? එසේ සිදු කළානම් කුසල් ඇතුළු සියලු ක්‍රීඩකයින්ට යන පණිවුඩයනම් විනය තකා වැඩ කර ඉදිරි ගමන ලෙහෙසි නොවන බව නොවේද? නමුත් දැන් ඔවුන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ජාතික කොඩිය යටින් ජාත්‍යන්තර පිටියට පය තියාවි.

ක්‍රිකට් ගැසූ තේරීම් කමිටුවකිනුත් ලැබෙන්නේ මෙවැනි පුදුමසහගත තීන්දුනම් අද පැවති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් ප්‍රාර්ථනා කළ “උපුල් තරංග ඔබේ ගම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ රූකඩ වලට, නමුත් ඔබලා රූකඩ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා යන්නයි”. අපේ ප්‍රාර්ථනාවත් එයමයි. අපි බලා සිටිමු කුමක් වේවිද කියා..! හැබැයි පනින රිලවුන්ට නායකත්වයේ ඉනිමන් බැඳීම නුවණට හුරු නොවන බවයි මගේ හැඟීම..
සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

01.කුසල් මෙන්ඩිස් (නායක)
02.චරිත් අසලංක (උප නායක)
03.පැතුම් නිස්සංක
04.අවිශ්ක ප්‍රනාන්දු
05.සධීර සමරවික්‍රම
06.සහන් ආරච්චිගේ
07.නුවනිදු ප්‍රනාන්දු
08.දසුන් ශානක
09.ජනිත් ලියනගේ
10.මහීෂ් තීක්ෂණ
11.ඩිල්ෂාන් මධුශංක
12.දුෂ්මන්ත චමීර
13.දුනිත් වෙල්ලාලගේ
14.ප්‍රමෝද් මධුෂාන්
15.ජෙෆ්රි වැන්ඩර්සේ
16.අකිල ධනංජය
17.වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

සිම්බාබ්වේ පිලට එරෙහි T20 නායකත්වය වනිඳු හසරංගට
ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය ධනංජය ද සිල්වා, උප නායකත්වය කුසල් මෙන්ඩිස්

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...