“නායකත්වය දෙනකොට ක්‍රීඩකයින්ගේ විනය කියන දේ බලන්නෙම නැද්ද?”තරංගගේ හිත ගස්සපු මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය

Share post:

“නායකත්වය දෙනකොට ක්‍රීඩකයින්ගේ විනය කියන දේ බලන්නෙම නැද්ද?” මටනම් හිතෙන්නේ, අද උපුල් තරංගගේ හිත ගස්සපු ප්‍රශ්නය ඒක තමයි කියලා. ප්‍රශ්නය ඇහුවේ අපි කවුරුත් දන්න ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine.

බ්ලූම්ෆීල්ඩ් සහ SSC තරගයේදී කුසල් මෙන්ඩිස් විසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයට සිදුකළ හානිය ගැන සිහිපත් කරමින් තමයි ඔහු ඒ ප්‍රශ්නය ඇහුවේ..
උගුරට හොරා බෙහෙත් කන උත්තරයක් දීපු තේරීම් කමිටු සභාපති උපුල් තරංග කිව්වේ, විනය කියන එක සෑහෙන වැදගත් දෙයක් බවත් ඒ අතුරින් නායකයාගේ විනය ද ඉතාමත් වැදගත් බවයි. මෙන්ඩිස්ගේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කර ඇති අතර එම සිද්ධියට අදාළ වාර්තාව තවමත් ක්‍රිකට් ආයතනයෙන් තේරීම් කමිටුව වෙත ලබා දී නොමැති බවත් තරංග පවසනවා. අවසානයේ තරංග කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණය තවමත් SSC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරන බවයි.

තරංගගේ එම පිළිතුර තුළින් අපිට පෙනී යන්නේ මෙන්ඩිස් තවමත් එම සිද්ධියට වැරදිකරුවෙක්වත්, නිවරුදිකරුවෙක්වත් නොව චූදිතයෙක් පමණක් බවයි.
එසේනම් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මනා පරිනත බවක් ඇති තරංගට සිදු කිරීමට තිබ්බේ තමන්ගේ ප්‍රමුඛත්වයෙන් තේරීම් කටයුතු කරන කුළුඳුල් තරගාවලිය සඳහා විනය චෝදනාවක් ලැබූ පුද්ගලයෙකුට නායකත්වය දීම නොව ඔහුගේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් නායකත්වය සිම්බාබ්වේ තරගාවලියට පමණක් වෙන ක්‍රීඩකයෙකු පත් කිරීම නොවේද? එසේ සිදු කළානම් කුසල් ඇතුළු සියලු ක්‍රීඩකයින්ට යන පණිවුඩයනම් විනය තකා වැඩ කර ඉදිරි ගමන ලෙහෙසි නොවන බව නොවේද? නමුත් දැන් ඔවුන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ජාතික කොඩිය යටින් ජාත්‍යන්තර පිටියට පය තියාවි.

ක්‍රිකට් ගැසූ තේරීම් කමිටුවකිනුත් ලැබෙන්නේ මෙවැනි පුදුමසහගත තීන්දුනම් අද පැවති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් ප්‍රාර්ථනා කළ “උපුල් තරංග ඔබේ ගම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ රූකඩ වලට, නමුත් ඔබලා රූකඩ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා යන්නයි”. අපේ ප්‍රාර්ථනාවත් එයමයි. අපි බලා සිටිමු කුමක් වේවිද කියා..! හැබැයි පනින රිලවුන්ට නායකත්වයේ ඉනිමන් බැඳීම නුවණට හුරු නොවන බවයි මගේ හැඟීම..
සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

01.කුසල් මෙන්ඩිස් (නායක)
02.චරිත් අසලංක (උප නායක)
03.පැතුම් නිස්සංක
04.අවිශ්ක ප්‍රනාන්දු
05.සධීර සමරවික්‍රම
06.සහන් ආරච්චිගේ
07.නුවනිදු ප්‍රනාන්දු
08.දසුන් ශානක
09.ජනිත් ලියනගේ
10.මහීෂ් තීක්ෂණ
11.ඩිල්ෂාන් මධුශංක
12.දුෂ්මන්ත චමීර
13.දුනිත් වෙල්ලාලගේ
14.ප්‍රමෝද් මධුෂාන්
15.ජෙෆ්රි වැන්ඩර්සේ
16.අකිල ධනංජය
17.වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

සිම්බාබ්වේ පිලට එරෙහි T20 නායකත්වය වනිඳු හසරංගට
ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය ධනංජය ද සිල්වා, උප නායකත්වය කුසල් මෙන්ඩිස්

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...