IIHS උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

Share post:

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණ

එම ආයතනයේ 15වැනි උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වන මෙහිදී පදනම්, ඩිප්ලෝමා,ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට අදාළ උපාධි හා සහතික පත්රම ප්ර දානය කරන ලදී.

එහිදී උපාධි සහ සහතික පත්‍ර ලැබූ සිසු සිසුවියන් සමඟ IIHS ගෝලීය වශයෙන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව 3,500කට අධික වේ. ඒ අතරින් රජයේ හෙද නිලධාරීන් 2,500ක් පමණ බිහි වී ඇති අතර එය සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සැපිරීමට IIHS සතු කැපවීම තහවුරු කරයි. ඔවුන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් අතරින් 500කට අධික පිරිසකට ජාත්‍යන්තර රැකියා අවස්ථා ලැබී ඇත.

මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය පිරිනමන සුදුසුකම් සැපිරූ හෙද නිලධාරීන් 790කට වැඩි පිරිසක්ද සිය උපාධි ලැබීම සුවිශේෂ සන්ධිස්ථානයකි.

එය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ශාඛාවකින් උපාධි ලැබූ වැඩිම ජාත්යින්තර සිසු සිසුවියන් පිරිස වේ. IIHS දීර්ඝ කාලයක් පුරා කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ඒ හරහා උසස් ප්‍රමිතියෙන් සපිරි පාඨමාලා රැසක් හඳුන්වා දීමට IIHS සමත්වී ඇත. මෙරට පළමු වරට ශාස්ත්‍රපති උපාධිය ලැබූ විශාලම හෙද නිලධාරීන් සංඛ්‍යාවට අදාළ උපාධි ප්‍රධානයද මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අතරතුරදී සිදු විය.

දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට හා ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍ර වලට අදාළ වැඩසටහන් රැසක්ද ඔවුන් මේ වන විට හඳුන්වා දී තිබේ. ඒ තුළින් නව සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් IIHS ක්‍රියා කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...