IIHS උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

Share post:

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණ

එම ආයතනයේ 15වැනි උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වන මෙහිදී පදනම්, ඩිප්ලෝමා,ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට අදාළ උපාධි හා සහතික පත්රම ප්ර දානය කරන ලදී.

එහිදී උපාධි සහ සහතික පත්‍ර ලැබූ සිසු සිසුවියන් සමඟ IIHS ගෝලීය වශයෙන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව 3,500කට අධික වේ. ඒ අතරින් රජයේ හෙද නිලධාරීන් 2,500ක් පමණ බිහි වී ඇති අතර එය සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සැපිරීමට IIHS සතු කැපවීම තහවුරු කරයි. ඔවුන් මෙතෙක් බිහි කළ සෙෳඛ්‍ය වෘත්තිකයන් අතරින් 500කට අධික පිරිසකට ජාත්‍යන්තර රැකියා අවස්ථා ලැබී ඇත.

මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය පිරිනමන සුදුසුකම් සැපිරූ හෙද නිලධාරීන් 790කට වැඩි පිරිසක්ද සිය උපාධි ලැබීම සුවිශේෂ සන්ධිස්ථානයකි.

එය කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ශාඛාවකින් උපාධි ලැබූ වැඩිම ජාත්යින්තර සිසු සිසුවියන් පිරිස වේ. IIHS දීර්ඝ කාලයක් පුරා කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ඒ හරහා උසස් ප්‍රමිතියෙන් සපිරි පාඨමාලා රැසක් හඳුන්වා දීමට IIHS සමත්වී ඇත. මෙරට පළමු වරට ශාස්ත්‍රපති උපාධිය ලැබූ විශාලම හෙද නිලධාරීන් සංඛ්‍යාවට අදාළ උපාධි ප්‍රධානයද මෙම උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අතරතුරදී සිදු විය.

දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට හා ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍ර වලට අදාළ වැඩසටහන් රැසක්ද ඔවුන් මේ වන විට හඳුන්වා දී තිබේ. ඒ තුළින් නව සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් IIHS ක්‍රියා කර ඇත.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...