ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

Share post:

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය (Development Finance Corporation) (DFC)සමඟ සහයෝගීතාවකට එළඹුණේය.

DFCසපයන අරමුදල් ලැබීම සඳහා වන සුවිශේෂ නිර්ණායක සාර්ථකව සපුරා ඇති දකුණු ආසියාවේ එකම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත්වීමට මෙම සහයෝගීතාව සමග IIHS සමත් වී ඇත.

මෙම අරමුදල් IIHS Multiversity ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන අතර එම අරමුදල්වලින් IIHS විසින් සිය නවතම පරිසර හිතකාමී, දැවැන්ත Multiversity ගොඩනැගිලි පරිශ්‍රය ඉදි කරනු ලබයි. සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් සැපිරීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථා රැසක් සපයන අතර සමාජ, ආර්ථික සහ පාරිසරික ආදී ක්ෂේත්‍ර රැසකට IIHS දක්වා ඇති ප්‍රමුඛ දායකත්වය මෙම අරමුදල් සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රධාන හේතු විය.

මෙම සහයෝගීතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා වත්තල IIHS ආයතනයේදී පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග්, IIHS ප්‍රධාන විධායක නිලධාරී වි‌ශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ආයතනයේ කාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ සහ දෙමාපියෝ විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී විශේෂඥ වෛද්‍ය එදිරිසිංහ සඳහන් කළේ මිනිසා, ප්‍රජාව සහ රට පරිණාමනය කිරීම දැක්ම කර ගත් IIHS සෑම විටම එහි අධ්යාසපනය ලබන සිසු සිසුවියන්, ප්‍රජාවසහ රට යන සෑම පාර්ශ්වයකටම වටිනාකමක් එකතු කිරීමට කටයුතු කරන බවයි. තමන්ට මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත්, එම වැඩසටහනට සහභාගී වීමෙන් ලැබූ දැනුම IIHS වෙත ආරෝපණය කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත් ඔහු පැවසීය.

ඇමෙරිකානු තානාපතිනිය උත්සවය අමතමින් සඳහන් කළේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතා අරඹා වසර 75ක් සපිරෙන මොහොතක මෙරට සෙෳඛ්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා IIHS සමඟ එක් වීම සතුටට කරුණක් බවයි.

එය මෙරට හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට සිය සිහින යථාර්තයක් බවට පත් කරගැනීමට එක්සත් ජනපදය දීර්ඝ කාලයක් පුරා දක්වා ඇති දායකත්වය යලි තහවුරු කිරීමක් බවද ඇය පැවසුවාය.

DFCප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නාදන්ද පසුගියදා IIHS හි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. ඒ පිළිබඳව පණිවුඩයක් තබමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ සෙෳඛ්‍ය සේවා නව්‍යකරණය සහ ව්‍යවසායකත්වය සඳහා වන දකුණු ආසියානු ප්‍රමුඛයා වීමේ IIHS දැක්ම වෙනුවෙන් එක්සත් ජනපදය ඉදිරියටත් කැප වන බවයි.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...