ආර්ජන්ටිනාවේ පරාජයට සෞදියට නිවාඩු

Share post:

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) ජයග්‍රහණය කිරීමත් සමග එහි සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23) නිවාඩු ලබා දීමට සල්මාන් රජු කටයුතු කර තිබේ.

ඊයේ පැවැති තරගයෙන් ගෝල 2ට 1ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය කළේය.

තරගයේ 10 වන මිනිත්තුවේදී මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වුවද එම ගෝල සියල්ල ඕෆ් සයිඩ් වීම හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ උත්සාහාය අපතේ ගියේය.

කෙසේ වෙතත් තරගයේ 48 වන මිනිත්තුවේදී නැවතත් තරගය උණුසුම් කරමින් සෞදි අරාබිය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Saleh Alshehri සමත්විය.

අනතුරුව ක්‍රියාත්මක වූ Salem Aldawsari තරගයේ 53 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගයේ වාසිය සෞදි අරාබි කණ්ඩායමට හිමිවිය.

සුදුසුකම් ලැබීමේ තරග 36කින් අපරාජිතව දකුණු අමෙරිකානු ශූරයන් ලෙස තරගවලියට පැමිණියේය.

වසර 1990 දී ත් ආජන්ටිනාව කැමරූන් රාජ්‍යය ට එරෙහි මුල්ම තරඟයෙන් පරාජය ට පත්වූවද ඔවුන් අවසන් තරඟය දක්වා පැමිණීමට සමත්විය. කෙසේවෙතත් අවසන් තරගය බටහිර ජර්මනිය අතර පැවැති අතර එය 1- 0 ජය ගැනීමට බටහිර ජර්මනිය සමත්විය.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...