ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කරයි

Share post:

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ. එය බොහෝ පිරිසක් බලාපොරොත්තු නොවූ තීරණයක් බවයි ඔස්ට්‍රේලියා වාර්තා පෙන්වා දෙන්නේ. ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම මීට පෙර ප්‍රකාශ කළා. බදාදා ඇරඹෙන පාකිස්ථානයට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි. එහෙත් එක්දින ජාත්‍යන්තර පිටියෙහි ඔහු රැඳී සිටිනු ඇතැයි විශ්වාසය පළ වුණා. ක්‍රිකට් ඔස්ට්‍රේලියා කියා සිටින්නේ වෝනර් වැනි ආරම්භක පිතිකරුවන් දුර්ලභ බවයි. ඔහු වෙනුවට ක්‍රීඩකයන් හය දෙනකු පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ඔස්ට්‍රේලියා ක්‍රිකට් සඳහන් කර තිබෙනවා.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...