ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කරයි

468

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ. එය බොහෝ පිරිසක් බලාපොරොත්තු නොවූ තීරණයක් බවයි ඔස්ට්‍රේලියා වාර්තා පෙන්වා දෙන්නේ. ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම මීට පෙර ප්‍රකාශ කළා. බදාදා ඇරඹෙන පාකිස්ථානයට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි. එහෙත් එක්දින ජාත්‍යන්තර පිටියෙහි ඔහු රැඳී සිටිනු ඇතැයි විශ්වාසය පළ වුණා. ක්‍රිකට් ඔස්ට්‍රේලියා කියා සිටින්නේ වෝනර් වැනි ආරම්භක පිතිකරුවන් දුර්ලභ බවයි. ඔහු වෙනුවට ක්‍රීඩකයන් හය දෙනකු පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ඔස්ට්‍රේලියා ක්‍රිකට් සඳහන් කර තිබෙනවා.